මතට එරෙහිව කාන්තාවෝ පාරට බහී
By Kanchana
මිහින්තලේ සියඹලා ගස්වැව හන්දියේ පදිංචි ජනතාව තම ප්රදේශයේ බහුලව පවත්වාගෙන යන නීතිවිරෝධී මත්පැන් පෙරන්නන් හා පානය කරන්නන් අත්අඩංගුවට නොගැනීමට විරෝධය පළ කරමින් විරෝධතාවක නිරත විය .
මෙම ගම්මානයේ කාන්තාවන් හතළිහකට නොඅඩු පිරිසක් ඊට සහභාගි වී තිබේ.
ඔවුන් ඒ සම්බන්ධව පෝස්ටර් ප්රදර්ශනය කරමින් විරෝධයේ නිරත විය.
මෙම විරෝධතාවයේ නිරත කාන්තාවක් සදහන් කළේ තම දුවා දරුවන්ගේ අනාගතය ගැන රටේ ජනාධිපතිවරයාගේ අවධානය පිණිස මෙම උද්ඝෝෂණය පැවත්වන බවයි.