කාන්තාවන්ට දේශපාලනය සපුරා තහනම්..දරුවන් හැදීමට පමණක් අවසර..

Women Afgansthan Jounerlist
By Aruna Sep 10, 2021 08:30 AM GMT
Aruna

Aruna

Report

කාන්තාවන් ඇමති පදවි දැරීමට සුදුසු නො වෙන අතර, ඔවුන්ගේ කාර්යය වන්නේ දරුවන් බිහි කිරීම බව තලේබාන් සංවිධානයේ ප්‍රකාශක සෙයිද් සෙක්රුල්ලා හෂිමි සම්මුඛ සාකච්ඡාවක දී ප්‍රකාශ කළා.

ඇෆ්ගනිස්ථානයේ ටෝලෝ ප්‍රවෘත්ති සේවාව සමඟ පැවති එම සම්මුඛ සාකච්ඡාවේ දී ඔහු සඳහන් කළේ, කාන්තා අයිතීන් ඉල්ලා විරෝධතාවල නිරත වූ සුළු පිරිස ඇෆ්ගනිස්ථානයේ සමස්ත කාන්තා පරපුර නියෝජනය නො කරන බවයි.

කාන්තාවන් ඇෆ්ගන් සමාජයෙන් අඩක් නියෝජනය කරන බව පිළිගැනීම ප්‍රතික්ෂේප කළ තලේබාන් ප්‍රකාශකයා පසුගිය විසි වසර තුළ අමෙරිකානු හමුදා රැඳී සිටි සමයේ ඔවුන් අනාචාරයට යොමු වී ඇති බවට ද චෝදනා කළා.

ඇෆ්ගනිස්ථානයේ තවදුරටත් ක්‍රියාත්මක නිදහස් මතධාරී මාධ්‍යයක් වන ටෝලෝ ප්‍රවෘත්ති නිවේදකයා පෙරළා තර්ක කළ අවස්ථාවේ ඊට පිළිතුරු දුන් තලේබාන් ප්‍රකාශකයා කාන්තාවන්ට ඇමති පදවි ලබාදීම පිළිබඳ උපමාවක් ද ඉදිරිපත් කළා.

එහි දී ඔහු කියා සිටියේ එය ඔවුන්ගේ ගෙලෙහි ඔසවාගත නො හැකි බරක් එල්ලීමක් වැනි බවයි. තලේබාන් සංවිධානය පසුගිය දා ප්‍රකාශයට පත්කළ අන්තර්වාර රජයේ අමාත්‍ය මණ්ඩලයට කාන්තාවන් කිසිවෙකු ඇතුළත් වූයේ නැහැ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now .