තිදරු පියෙක් ගෙල කපා ඝාතනය කරද්දී කාන්තා මළසිරුරක් ගඟේ පාවෙයි.

Sri Lanka Dayagama Galle akmeemana
By Aruna Dec 07, 2021 07:58 AM GMT
Report

ඩයගම ප්‍රදේශයේ, ආග්‍රාඔය ගඟෙන් කාන්තා මළ සිරුරක් හමු වී තිබෙනවා.

ප්‍රදේශයේ පුද්ගලයෙකු දැක ලබාදුන් තොරතුරක් මතයි,ඊයේ(06)සවස ඩයගම පොලීසිය විසින් මළ සිරුර ගොඩ ගෙන ඇත්තේ.

මෙම මළ සිරුර ඩයගම වතුයායේ පදිංචිව සිටි, 53 හැවිරිදි ස්වාමිනාදන් තංගේෂ්වරි නැමති කාන්තාවගේ බවයි පොලීසිය පවසන්නේ.

ඇය තනිවම ජීවත්ව සිට ඇති බවට ප්‍රදේශවාසීන් පවසන අතර, මළ සිරුර සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය මහරෝහල වෙත ගෙන ගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ ඩයගම පොලීසිය විසින් සිදුකෙරෙනු ඇති.

මේ අතර අක්මිමන තල්ගම්පල ජනාධිවත්ත ප්‍රදේශයේ දි තිදරුපියෙකු තියුණු ආයුධකින් ගෙල කපා ඝාතනය කොට ඇති බැව් අක්මිමන පොලිසිය පවසයි. ඝාතනයට ලක්වු පුද්ගලයාගේ මළ සිරුරු අද (07) උදැසන ඔහුගේ නිවසට යන මාර්ගයේ තිබි හමුවි ඇති බැව් පොලිසිය පවසයි.

මෙසේ ඝාතනය කොට ඇත්තේ අක්මිමන ජනාධිවත්ත තල්ගම්පල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මුරුක්කුආදුරගේ සුරේෂ් විජිත කුමාර (41) නැමති පේදරේරුවෙකි.

ඝාතනයට ලක්වු පුද්ගලයාගේ බිරිද අක්මිමන හියාරේ දිවෙල්වත්ත ප්‍රදේශයේ දරුවන් සමග පදිංචිව සිටින අතර මොහු තල්ගම්පල ජනාධිවත්තේ නිවසේ තනිවම පදිංචිව සිට ඇත.

ඊයේ (06) රාත්‍රි ජනාධිවත්ත ප්‍රදේශයේ නිවෙස්හිමියකු විසින් ඔහුගේ නිවසට ගල්ගසන් බවට අක්මිමන පොලිසියට දුරකථන ඇමතුමක් ලබාදි ඇත.

ඉන්පසු අක්මිමන පොලිසියේ නිලධාරින් පිරිසක් එම ස්ථානයට ගොස් ඇත.

පොලිස් නිලධාරින් පැමිණෙනු දැක ඝාතනයට ලක්වු පුද්ගලයා දිවගොස් ඇති බවද පොලිසිය පවසයි.

ඝාතනයට ලක්වු පුද්ගලයා තම නිවසේ සිට රාත්‍රි 11.00ට පමණ වෙළදසැලකට ගොස් ඇති බව පරික්ෂණවලදි අනාවරණය වි ඇත.

ඝාතනයට ලක්වු පුද්ගලයාගේ පශ්චාත් මරණ පරික්ෂනය පැවැත්විමට නියමිතව තිබු අතර අක්මිමන පොලිසිය මෙකි ඝාතනය පිළිබද පරික්ෂණ පවත්වයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now