බෞද්ධ ඉතිහාසයේ සුවිශේෂී වැදගත් සිදුවීම් රැසක් සිදුවූ ඉල් පුර පසළොස්වක පොහොය දිනය අදයි

Report

අද (24) දිනට ඉල් පුර පසළොස්වක පොහොය දිනය යෙදී ඇත. ඒ අනුව වස් එළැඹ සිටි භික්ෂූන් වහන්සේලා උදෙසා කඨින චීවර පූජා මාසයේ අවසන් දිනය වන්නේ මෙම ඉල් පුර පසළොස්වක පොහොය දිනයයි.

එසේම බෞද්ධ ඉතිහාසයේ සුවිශේෂී වැදගත් සිදුවීම් රැසක් සිදුවූ පොහොය දිනයක් ලෙස ඉල් පුර පසළොස්වක පොහොය දිනය සලකයි.

ඒ අතර ප්‍රථම ධර්ම දූත පිරිස වූ රහතන් වහන්සේලා 60 නම ධර්ම ප්‍රචාරය සඳහා පිටත්කර යැවීම, බුදුරජාණන් වහන්සේ තුන්බෑ ජටිලයන් දමනය කිරීම සඳහා උරුවෙල් දනව්වට වැඩම කරවීම මෙන්ම, මෛත්‍රී බෝධි සත්ත්වයන් වහන්සේ නියත වියරණ ලැබීම ඇතුළත්.

ගෘහ ජීවිතය තෘප්තිමත් වන අද දවස මේ ලග්නවලට ඉතා සුබදායකයි - දවසේ ලග්න පලාපල මෙන්න

ගෘහ ජීවිතය තෘප්තිමත් වන අද දවස මේ ලග්නවලට ඉතා සුබදායකයි - දවසේ ලග්න පලාපල මෙන්න

එමෙන්ම බුදුරජාණන් වහන්සේගේ අගසව් ධුරය දැරූ සැරියුත් මහරහතන් වහන්සේ පිරිනිවන් පෑම සිදුවූයේ ද අද වැනි පොහොය දිනයක වන අතර පසුවස් විසූ භික්ෂූන් වහන්සේලාගේ පවාරණ දිනය ද ඉල් පුර පසළොස්වක පොහොය දිනයට යෙදී ඇත.

එසේම ඉල් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් අද දිනයේ දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත.  

සුළු මොහොතකට පෙර නිවේදනයක් - අද පස්වරු 2.00 න් පසු වෙන්නේ මේකයි

සුළු මොහොතකට පෙර නිවේදනයක් - අද පස්වරු 2.00 න් පසු වෙන්නේ මේකයි

ජනවාරි 1 සිට වැටුප් වැඩිවෙන්නේ මේ විදිහටයි - විවිධ ශ්‍රේණිවලට වැටුප් වැඩිවෙන ආකාරය ගැන සංඛ්‍යා ලේඛණ එළියට

ජනවාරි 1 සිට වැටුප් වැඩිවෙන්නේ මේ විදිහටයි - විවිධ ශ්‍රේණිවලට වැටුප් වැඩිවෙන ආකාරය ගැන සංඛ්‍යා ලේඛණ එළියට