හෙට සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියෙම කරන්න යන දේ - දෙසැම්බර් 1 සහ 2ත් තීරණාත්මකයි
හෙට (25) දින සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියම එක්දින වැඩවර්ජනයක් සමඟින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වන බව විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස් . ප්‍රියන්ත මහතා ප්‍රකාශ කරන බව වාර්තා වේ.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (23) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
එහිදී ඔහු වැඩිදුරටත් කියා ඇත්තේ,
"එළැඹෙන 25වෙනි බදාදා දින සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියම එක්දින වැඩවර්ජනයක් සමගින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වනවා. ඒ එක්කම අපි මේවන විට සැළසුම් කරලා තියෙනවා එළැඹෙන දෙසැම්බර් 01 සහ 02 දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංකේත වැඩවර්ජනයක් සමඟින්"