ජනපතිට රටෙන්ම සුබ පැතුම් ගලා එයි - ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති අනුර කුමාර දිසානායකගේ 58 වැනි ජන්ම දිනය අදයි
මෙරට 9 වැනි විධායක ජනාධිපතිවරයා වන අනුර කුමාර දිසානායක මහතාගේ 58 වැනි ජන්ම දිනය අදට යෙදී ඇති බව වාර්තා වේ.
ඒ අනුව 1968 නොවැම්බර් 24 වැනිදා මාතලේ දෙවහුවේ උපත ලැබූ අනුර කුමාර දිසානායක මහතාගේ දේශපාලන ගමන ආරම්භ වන්නේ ශිෂ්‍ය දේශපාලනය තුළින්.
ඔහු ප්‍රාථමික අධ්‍යාපනය තඹුත්තේගම ප්‍රාථමික විද්‍යාලයෙන් ආරම්භ කළ අතර සිය ද්විතීයික අධ්‍යාපනය තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයෙන් හැදෑරීය.
අනතුරුව කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව උසස් අධ්‍යාපනය හදාරා උපාධිධරයකු බවට පත්ව ඇත.
මේ අතර 1987 වසරේදී සමාජවාදී ශිෂ්‍ය සංගමය සමඟ දේශපාලනයට පිවිසි ඔහු, 1997දී එහි ජාතික සංවිධායක ධුරයට පත් වූ අතර 2000 වසරේදී පළමුවරට පාර්ලිමේන්තුවට පිවිසීමට සමත් විය.
අනතුරුව අනුර කුමාර දිසානායක මහතා 2004 වසරේදී කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් ද කටයුතු කර ඇත. 2014 වසරේදී ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයට පත්වූ ඔහු, 2019 වසරේදී ජාතික ජන බලවේගය ගොඩනැගීමේ පුරෝගාමියකු විය.
එසේම 2019 ජනාධිපතිවරණයේදී ලබාගත් 3.16%ක ඡන්ද ප්‍රතිශතයේ සිට 2024 ජනාධිපතිවරණ ජයග්‍රහණය දක්වා පැමිණි ඔහුගේ දේශපාලන ගමන ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී පරිච්ඡේදයක් විය.
මෙසේ දශක ගණනාවක දේශපාලන අත්දැකීම්, අභියෝග, පරාජයන් සහ ජයග්‍රහණ හමුවේ 2024 සැප්තැම්බර් 22 වැනි දින මෙරට නවවැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් අනුර කුමාර දිසානායක මහතා තේරී පත්විය.
එබැවින් ජනතාව ඔහු කෙරෙහි තැබූ බලාපොරොත්තු ඉටු කරමින්, රටට සුබදායක අනාගතයක් උදාකරලීමට අවශ්‍ය ශක්තිය, ධෛර්යය හා ප්‍රඥාව නිරතුරුව ලැබේවායි ඔහුගේ ජන්ම දිනය වෙනුවෙන් රටේ බොහෝ දෙනා ප්‍රාර්ථනා කරයි.