මතට ඇබ්බැහි වූ කතුන් වෙනුවෙන් අලුත් දෙයක් කරන්න යයි...

Galle Women alcohol Unawatuna
By Aruna Jul 22, 2021 04:53 AM GMT
Report

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ කාන්තාවන් පුනරුත්ථාපනය කිරීම සඳහා ගාල්ල – උණවටුන ප්‍රදේශයේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් පිහිටුවීමට තීරණය කර ඇති බව ජාතික අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලය පවසනවා.

වර්තමානයේ, මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ කාන්තාවන් සඳහා ඇති එකම පුනරුත්ථාපන මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ තලන්ගම කොස්වත්ත ප්‍රදේශයේයී.

මෙම මධ්‍යස්ථානයේ මේ වන විට කාන්තාවන් හය දෙනෙකු පුනරුත්ථාපනය වෙමින් පවතින බව ජාතික අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලයේ සභාපතිවරයා පැවසුවා.

ජාතික අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලයට අනුව ශ්‍රී ලංකාවේ විවිධ මත්ද්‍රව්‍ය භාවිතය සඳහා කාන්තාවන් 4,265 ක් ඇබ්බැහි වී සිටිනවා.

ඔවුන් අතර 1,564 ක් ගංජා භාවිතයට ඇබ්බැහි වී ඇති අතර කාන්තාවන් 1,384 ක් හෙරොයින් භාවිතයට ඇබ්බැහි වී සිටිනවා.

පවතින දත්ත වලට අනුව රටේ කාන්තාවන් 23,566 ක් දුම්කොළවලට ඇබ්බැහි වී සිටිනවා.

මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ කාන්තාවන්ගේ අනුපාතය ඉහළ යන බැවින් උණවටුනේ නව පුනරුත්ථාපන මධ්‍යස්ථානය ස්ථාපිත කරන බව ජාතික අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලය සඳහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now