දෙහිවල වෙඩි තැබීමේ නව හෝඩුවාවක් - වෙඩික්කරු පලාගිය යතුරුපැදිය සොයා ගනී

Crime Gun Shooting Gun Violence Latest Headlines Sinhala news
By Ashfa Jul 18, 2025 03:27 PM GMT
Ashfa

Ashfa

Report

දෙහිවල දුම්රිය ස්ථානය අසලදී අද (18) උදෑසන සිදු වූ වෙඩි තැබීමකට යොදාගත් යතුරුපැදිය පිළියන්දල විකල්ප මාර්ගයේ විහාරස්ථානයක් ඉදිරිපිට දමා ගොස් තිබේ.

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

පොලීසිය පවසන්නේ, රතු පාට ආරක්ෂක හිස්වැස්මක් සහිතව එම යතුරුපැදිය ඉතා සැලකිල්ලෙන් දමා ඇති බවය.

අම්මෝ රන්ජන් අයියා - අවුරුදු 20ක කොල්ලෙක් වෙලානේ ඉටි රුපයක් වගේ දැන්නම්

අම්මෝ රන්ජන් අයියා - අවුරුදු 20ක කොල්ලෙක් වෙලානේ ඉටි රුපයක් වගේ දැන්නම්

දහවල් 1.30ට පමණ විශේෂ කාර්ය බළකායේ බුද්ධි නිලධාරියෙකු එය දැක, ඉහළ පොලිස් නිලධාරීන්ට දැනුම්දී ඇත. පරීක්ෂණවලදී අනාවරණය වුණේ, යතුරුපැදිය සවිකර තිබූ අංක තහඩුවක් මෝටර් රථයක ලියාපදිංචි අංකයක් බවය.

කොළඹ ඇඟිලි සටහන් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද පැමිණ පරීක්ෂණ සිදුකර ඇත. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා වයස අවුරුදු 46ක වැල්ලවත්ත නේවාසික සුදත් කුමාර නම් අයකි.

ඔහු දිනපතා මුදල් පොලීයට ලබාදෙන පුද්ගලයෙකු වන අතර එදින උදෑසන දෙහිවල දුම්රිය ස්ථානයට පැමිණි අවස්ථාවේදී වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත.

වෙඩි ප්‍රහාරය සිදුකළ අයෙකු කිසිදු කලබලයකින් තොරව පාගමනින් පැමිණ මෝටර් රථයක රියදුරු අසුනේ සිටින ඔහුට වෙඩි තැබූ අතර, එය CCTV කැමරාවල ද සටහන්ව තිබේ.

වෙඩි 4ක් එල්ල කර ඇති අතර 2ක් ඔහුගේ උරහිසට සහ ඇලපතට වැදී ඇත. ප්‍රහාරයෙන් පසු වෙඩික්කරු තවත් පුද්ගලයෙකු සමඟ යතුරුපැදියකින් පලා ගොස් ඇත. තුවාල ලැබූ පුද්ගලයා කලුබෝවිල රෝහලට ඇතුළත් කර ඇත.

පොලීසිය පවසන්නේ, ඔහුට එරෙහිව මෙතෙක් කිසිඳු චෝදනාවක් හෝ තර්ජනයක් නොමැති බවයි. ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වේලේ සුදාගේ හිටපු බිරිඳගේ හිටපු සැමියා වන අතර, බඩෝවිට අසංකගේ ඥාතියෙකුද වේ.

මෙම වෙඩි තැබීම "කොස් මල්ලි" පාර්ශ්වය පලිගැනීමක් විය හැකි බවට සැකය පවතින අතර, වැඩිදුර පරීක්ෂණ දෙහිවල පොලිස් ස්ථානාධිපති අනුරාධ හේරත් මහතාගේ නියෝජනයෙන් සිදු වේ.

ReeCha