මග දමාගිය බිලිඳිය ගැන රජයෙන් තීරණයක්

Report

කුරුණෑගල මාවතගම වෙල්යායක අත්හැර දමාගිය බිලිඳියගේ භාරකාරීත්වය පිළිබඳව රජය විශේෂ ප්‍රකාශයක් කර තිබේ. ඒ අනුව බිළිඳිය භාර ගැනීමට මව ඉදිරිපත් වුවහොත් අවශ්‍ය පහසුකම් සැපයීමට කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශය සූදානම් බව විෂයභාර අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය අද (18) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේය.

මැරිලත් සැනසීමක් නැති හැටි, ඇල්පිටිය රෝහලේ මළසිරුරු විඳින අපා දුක

මැරිලත් සැනසීමක් නැති හැටි, ඇල්පිටිය රෝහලේ මළසිරුරු විඳින අපා දුක

මේ අතර කුරුණෑගල ශික්ෂණ රෝහලේ නොමේරු ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබන එම බිලිඳිය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව රෝහල් ප්‍රකාශයෙකු සදහන් කරයි. කුරුණෑගල මාවතගම පරගහදෙණිය සිංහපුරපාර ප්‍රදේශයේ වෙල්යායක ගසක් යට දමාගොස් සිටියදී බිලිඳියක් හමුවූයේ ඊයේ (17) පෙරවරුවේදීය.

ක්ලැරන්ස්ගේ කතාව විකෘති කරලා හැදුවට බිරිදයෙන් පලු බැනුම්.

ක්ලැරන්ස්ගේ කතාව විකෘති කරලා හැදුවට බිරිදයෙන් පලු බැනුම්.

අනතුරුව පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව එම බිලිඳිය පළමුවෙන් මාවතගම රෝහලට ඇතුළත් කළේය. පසුව මෙම බිලිඳය ඇතුළුකරනු ලැබුවේ, කුරුණෑගල ශික්ෂණ රෝහලටය. මේ අතර කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජි පෝල්රාජ් මහත්මිය අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේ, මෙම බිලිඳියගේ මව සොයා මේ වන විට විමර්ශන සිදුකරන බවය.

දුෂ්කර පාසලක ගුරුවරයෙක්ට මුතුගල සර් කරපු වැඩේ මෙන්න පැටිකිරිය

දුෂ්කර පාසලක ගුරුවරයෙක්ට මුතුගල සර් කරපු වැඩේ මෙන්න පැටිකිරිය