කෙහෙළියගේ තවත් හොර වැඩක් එළියට - හොර ගුහාවක්නේ

Report

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට එරෙහිව, 2020 සිට 2024 තෙක් කාලය තුළ අයථා වශයෙන් වත්කම් උපයාගෙන ඇති බවට චෝදනා මත අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම නඩු ගොනු කර තිබේ.

හිටපු ඇමතිනියකට වැඩ වරදී

හිටපු ඇමතිනියකට වැඩ වරදී

කොමිසම සඳහන් කරන්නේ, කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය ධූරය දැරූ කාලය තුළ සැක සහිත බැංකු ගිණුම් 16ක් ඔස්සේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ 43 චෝදනා යටතේ අයථා වත්කම් රුපියල් කෝටි 90කට අධික මුදලක් උපයාගෙන ඇති බවයි.

භික්ෂූන් 9ක් එක්ක ලිංගිකව හැසිරිලා දැන් වීඩියෝ කරලා කප්පම් ඉල්ලනවලු

භික්ෂූන් 9ක් එක්ක ලිංගිකව හැසිරිලා දැන් වීඩියෝ කරලා කප්පම් ඉල්ලනවලු

මෙම නඩුවට ඔහුගේ බිරිඳ කුසුම් ප්‍රියදර්ශනී, දියණියන් වන චමිත්‍රී ජයනිකා, චන්ද්‍රලා රමාලි, අමාලි නයනිකා සහ බෑනා ඉසුරු පුලස්ති බණ්ඩාර යන අය ද විත්තිකරුවන් ලෙස නම් කර ඇත.

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය විසින්, මෙම විත්තිකරුවන්ට රුපියල් 50,000ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 10ක් වටිනා ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ඊයේ (17) නියෝග කළාය.

විනිසුරුවරිය තවදුරටත් නියෝග කළේ, විත්තිකරුවන් සියල්ලෝම විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාරදිය යුතු බවත්, අධිකරණ අවසරයකින් තොරව විදේශගත විය නොහැකි බවත්, ඔවුන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන ඒ පිළිබඳ වාර්තාවක්ද ඉදිරිපත් කරන ලෙසත්ය.

අල්ලස් කොමිසම සිදු කළ විශාල විමර්ශනයකට අනුව මෙම නඩුව ගොනු කර ඇති අතර, සෙසු සාක්ෂි සහ විභාග කටයුතු සඳහා නඩුව නැවත අගෝස්තු 05 වැනිදා කැඳවීමට නියම කෙරිණි.