ක්ලැරන්ස්ගේ කතාව විකෘති කරලා හැදුවට බිරිදයෙන් පලු බැනුම්.
මේ දිනවල අති සාර්ථක අයුරින් තිරගත වන ක්ලැරන්ස් - රිදම් ඔෆ් ද ගිටාර් සිනමා නිර්මාණය සම්බන්ධයෙන් බොහෝ දෙනා අදහස් ප්‍රකාශ කර තිබේ. සාරංග දිසාසේකර දිනක්ෂි ප්‍රියසාද් ඇතුළු ක්ෂේත්‍රයේ අති දැවැන්තයන් පිරිසක් මෙහි රංගනයෙන් දායකත්වය දැක්වේය.නමුත් මෙම චිත්‍රපටය සම්බන්ධයෙන් ක්ලැරන්ස්ගේ බිරිද වන ශීලා විජේවර්ධන අමනාපයෙන් අදහස් දක්වා තිබේ.
මෙරට කණ්ඩායම් සංගීත ක්ෂේත්‍රයේ දක්ෂයෙක් වන ක්ලැරන්ස්ගේ බිරිද මේ වනවිට ඕස්ට්‍රේලියාවේ පදිංචි වී සිටින අතර ඇය මෙම චිත්‍රපටිය සඳහා අවසර ලබා දුන්නද ඒ පූර්ණ කැමැත්තක් නොවන බවද සඳහන් කරයි. මෙහි සඳහන් සමහර කරුණු හේතුවෙන් තමන්ගේ පවුල ඉතා අප කීර්තියට පත්වී ඇති බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
තමන් බෞද්ධ පවුලක හැදී වැඩුණු තරුණියක් බවත් කතාවේදී තමන් කතෝලික දහම වැළද කන්‍යා සොහොයුරියක් වීමට සූදානම් බව ඉස්මතු කිරීම පරම්පරාවට කරන නිගාවක් බව ඇය දක්වයි. තමන්ගේ සැමියා සහ තමන් ආගම් දෙකක වුණත් ඔවුන් අතර කිසිදු විරෝධතාවයක් නොතිබුණු බවත් ඇය සඳහන් කළාය.
මෙම සිනමා පටය මගින් ක්ලැරන්ස්ගේ සැබෑ චරිතය ඉස්මතු නොවුණු බවද චිත්‍රපටියට යොදා ඇති ගීත සම්බන්ධයෙන් ඇයගේ සතුටක් නොමැති බවද සඳහන් කර තිබේ. වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය ප්‍රකාශ කළේ,

කතා හදන උන් සේරම බෝසත් ද,මගේ දුව කසාද 10ක් කරගත්තත් මට ප්‍රශ්නයක් නෑ තිසරගේ නැන්දම්මා මේ දෙහි කැපුවේ ෂෙරමිටද?
"අපි වැදගත් පවුලක හැදුණු කෙනෙක්. මගේ තාත්තා ගමේ ආරච්චිලා කෙනෙක්. ඒත් මෙකේ තිබෙන්නේ මම සිස්ටර් කෙනෙක් වෙන්න යනවා කියලයි. අපි දෙන්නා ආගම් දෙකක වුණත් කවදාවත් ආගම් ප්‍රශ්න ඇතිවුණේ නෑ. මට පන්සල් යන්න එපා කියලා නෑ කවදාවත්. මට ආගමට එන්න කියලත් නෑ කවදාවත්. ඉතින් මේක ඇත්තටම හානියක් තමයි අපේ පාරම්පරාවටත් එක්ක“
යනුවෙනි.
