කවුරුත් පරාද වෙන්න හිතන් සෙල්ලම් කළේ නෑ එයාලා අපිට වඩා හොඳට සෙල්ලම් කළා - චරිත් අසලංක[VIDEO]
ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක චරිත් අසලංක විසින් තරග පරාජය වීම සම්බන්ධයෙන් ක්‍රීඩකයින් වශයෙන් තමන් වගකීම භාරගත යුතු බව පවසා ඇත.
එසේම ක්‍රීඩකයින් පරාජය වීමට තරග ක්‍රීඩා නොකරන බවත්, බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා හොඳින් ක්‍රීඩා කළ බවත් ඔහු සඳහන් කර තිබෙනවා.
චරිත් අසලංක මේ බව සඳහන් කළේ තරගයෙන් පසුව තිබූ මාධ්‍ය හමුවට එක් වෙමින්.
එමෙන්ම මෙහිදී කණ්ඩායම ජයග්‍රාහී මාවතට ගෙන ඒමට නායකයා වශයෙන් තමා සහ පුහුණුකරු, ක්‍රීඩකයින් සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ මානසිකත්වය බලා තවදුරටත් වගකීම් සහගතව ක්‍රීඩා කළ යුතු බවට උනන්දු කරන බවද ඔහු පවසා ඇත.
මේ අතර ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ තමන්ගේ අවස්ථාව ලැබුණු පසු වගකීමෙන් ක්‍රීඩා කළ යුතු බවත්, පරාජයට පත් වූ තරග දෙකේදී තමාද ඒ පිළිබඳව වගකීම භාරගත යුතු බවත්, තරග පරාජය වීමට එය හේතුවක් විය හැකි බවත් ය.