අසරණ වීථි සුනඛයාට ජීවිතය අහිමි කළ කාන්තාව රිමාන්ඩ්
කාන්තාවක් විසින් පැදවූ මෝටර් රථයක ගැටී වීථි සුනඛයෙකු මියයෑමේ සිදුවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන දෙසැම්බර් මස 09 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන මෙන් ඊයේ(25) දින නියෝග කර ඇත.
ඒ හෝමාගම මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය විසින්. පන්නිපිටිය විද්‍යාල හන්දියේ අලුබෝගහවත්ත පටුමග ආසන්නයේ ජීවත් වූ මිය ගිය වීථි සුනඛයා පසුගිය නොවැම්බර් 14 දින සැකකාර කාන්තාව විසින් පැදවූ මෝටර් රථයේ ගැටී මියගොස් තිබූ බවත්, එම වීථි සුනඛයා මිය යෑම සිතාමතා සිදුකළ ඝාතනයක් බවට ප්‍රදේශවාසීන් සහ සත්ත්ව සංවිධාන මඥින් පසුගිය 16 දින කොට්ටාව පොලිසියට පැමිණිල්ලක් සිදු කළ බවත් මෙහිදී අධිකරණය වෙත කරුණු වාර්තා කර ඇත.