ඌරෝ හදන අයට සුබ ආරංචියක් - කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙන් නිවේදනයක්

Report

සූකර කර්මාන්තයේ යෙදෙන ගොවීන් වෙනුවෙන් "සූකර රක්ෂණ යෝජනා ක්‍රමයක්" කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය මඟින් හඳුන්වා දීමට පියවර ගෙන ඇත.

ඒ අනුව ව්‍යාපාරික මට්ටමින් සූකර සත්ත්වයන් පාලනය කරනු ලබන සූකර ගොවිපොළවල අභිජනන සත්ත්වයන් සඳහා මෙය ලබා දෙන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය නිවේදනය කර තිබෙනවා.

එසේම මෙම රක්ෂණ ආවරණය යටතේ හදිසි අනතුරු නිසා සහ සූකර සත්ත්වයන් සඳහා ඇතිවෙන රෝග මඟින් සිදුවන මරණ ආවරණය කිරීමට සැලැසුම් කර ඇති බව වාර්තා වේ.

එහිදී වයස මාස 06 සිට අවුරුදු 4යි මාස හයක් දක්වා වූ සූකර අභිජනන සත්ත්වයන් වෙනුවෙන් මෙම රක්ෂණ ආවරණය ලබාගත හැකි වේ.

අප්‍රේල් පාසල් නිවාඩුවෙන් පසුව රජයෙන් පාසල් ළමුන් වෙනුවෙන් විශේෂ සැලැස්මක් - පාසල් ළමුන්ට දෙන්න යන දේ මෙන්න

අප්‍රේල් පාසල් නිවාඩුවෙන් පසුව රජයෙන් පාසල් ළමුන් වෙනුවෙන් විශේෂ සැලැස්මක් - පාසල් ළමුන්ට දෙන්න යන දේ මෙන්න

එමෙන්ම මෙහිදී අභිජනන සත්ත්වයෙකුගේ වටිනාකම උපරිමය රු.200,000/- හෝ ආදේශන පිරිවැය හෝ නිෂ්පාදන පිරිවැය අනුව රක්ෂණාවරණය ලබා ගැනීමට හැකියාවක් පවතින බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

එසේම මෙම රක්ෂණ ආවරණය මඟින් රක්ෂණය වූ අභිජනන සූකර සතුන් හට රක්ෂිත හේතූන් මත සිදුවන මරණයකදී පමණක් ම වන්දි ඉල්ලීම් සිදුකළ හැකි වේ.

කෙසේ වෙතත් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මඟින් යෝජනා කර ඇති ජෛව ආරක්ෂක නිර්ණායකවලට අනුව සූකර සත්ත්ව ගොවිපොළ පවත්වා ගැනීම අනිවාර්ය බවයි.

EPF අංශයේ සේවා ගැන අලුත්ම නිවේදනයක්

EPF අංශයේ සේවා ගැන අලුත්ම නිවේදනයක්

ඊශ්‍රායලයේ ලිපිගොනුවලින් ලංකාවේ වුණ ඇඟහිරිවැටෙන කතාවක් - ජේ.ආර්.ජයවර්ධනගේ රහසකුත් එළියට

ඊශ්‍රායලයේ ලිපිගොනුවලින් ලංකාවේ වුණ ඇඟහිරිවැටෙන කතාවක් - ජේ.ආර්.ජයවර්ධනගේ රහසකුත් එළියට