ක්‍රිකට් චාමිකගේ හුටපටේ ගැන ගුවන් සේවක සංගමයෙන් විශේෂ නිවේදනයක්

Report

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න සම්බන්ධ බිළි‍‍ඳාගේ භාරකාරත්වය සම්බන්ධ නඩුවකට මැදිව සිටින කාන්තාව ගුවන් සේවිකාවක බවට පළවන මාධ්‍ය වාර්තා ශ්‍රී ලංකා ගුවන් සේවක සංගමය මඟින් ප්‍රතික්ෂේප කර ඇත.

ඒ අනුව මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය අවධාරණය කළේ, අදාළ සිදුවීමට සම්බන්ධ කාන්තාව කිසිදු ගුවන් සමාගමක සේවය කරන 'ගුවන් සේවිකාවක' නොවන බවයි.

එසේ වුවත් ඇය ගුවන් නියමුවරියක නොවන බවට ගුවන් නියමුවරුන්ගේ සංගමයක් හෝ වෙනත් සංවිධානයක් ප්‍රතික්ෂේප කර නොමැත. අඳාළ කාන්තාව ගුවන් සේවිකාවක වශයෙන් වැරදි ලෙස හඳුනාගැනීම මහජනතාව නොමඟ යවන සුළු මෙන්ම පදනම් විරහිත ක්‍රියාවක් බවත්, ඒ ඔස්සේ අසාධාරණ ලෙස තම සාමාජිකයන් අපකීර්තියට පත්වන බවත් එම සංගමය සඳහන් කරයි.

එමෙන්ම සත්‍යයෙන් තොර මෙවැනි කරුණු ප්‍රචාරය කිරීමෙන් සමස්ත වෘත්තියේම කීර්තිනාමයට දැඩි කැළලක් ඇතිවන බව ද ඔවුන් පෙන්වා දෙයි.

මේ අතර මුලින් ගුවන් සේවිකාවක ලෙස වාර්තා වුවද, පසුව සමාජ මාධ්‍ය ඔස්සේ තහවුරු වී තිබුණේ ඇය ගුවන් සේවිකාවක නොව ගුවන් නියමුවරියක බව යි.

"චාමික කරුණාරත්න තමයි මේ බබාගේ තාත්තා.." - මවකගෙන් රට කළඹන හෙළිදරව්වක්

"චාමික කරුණාරත්න තමයි මේ බබාගේ තාත්තා.." - මවකගෙන් රට කළඹන හෙළිදරව්වක්

ඇය ගුවන් සේවිකාවක ලෙස හඳුන්වා තිබූ අවස්ථාවේ 'ගුවන් සේවිකාවන්ගේ හැටි ' මෙහෙම තමා යයි පෙන්වා දෙමින් මේ ගැන සමාජ මාධ්‍ය තුළ විශාල විවේචනයක් පළව තිබුණා.

ඉකුත් 21 වන දින තමා සමඟ විවාහ වන ලෙස හෝ එසේ නොමැති නම් තම දරුවා වෙනුවෙන් නඩත්තු ගෙවන ලෙස ඉල්ලා ගුවන් සේවිකාවක විසින් ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට එරෙහිව නඩු පවරා ඇති බවට පුවත් වාර්තා විය.

ඇය තම පැමිණිල්ල මඟින් අධිකරණයට දැනුම් දී තිබුණේ විවාහවීමේ බලාපොරොත්තුව ඇතිව තමන් ‍ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න සමඟ සබඳතාවයක් පවත්වාගෙන ගිය බවත්, එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔහුට දාව තමන්ට දරුවෙකු සිටින බවත් ‍ය.

ඩඩ්ලිගේ දුව ඇය කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයකට සියලු කාන්තාවන්ගෙන් සමාව අයදියි - මෙන්න හේතුව

ඩඩ්ලිගේ දුව ඇය කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයකට සියලු කාන්තාවන්ගෙන් සමාව අයදියි - මෙන්න හේතුව

කෙසේ වුවද අදාළ නඩුව කැඳවූ විට සිද්ධියේ වගඋත්තරකරු වන චාමික කරුණාරත්න අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර, එම නඩුව ලබන දෙසැම්බර් මස 8 වන දින යළි කැඳවීමට අධිකරණය නියම කර ඇත. අඳාළ සිදුවීමට මුහුණ දී සිටින කාන්තාව A320 සහ A330 වැනි ගුවන් යානා මෙහෙය වන ජ්‍යෙෂ්ඨ පළමු පෙළ ගුවන් නියමුවරියක් වීම විශේෂත්වක්.

එසේම ඇයගේ සොයුරියද ගුවන් නියමුවරියක් බව සඳහන්.මේ අතර ඇය ගුවන් නියමුවරියක ලෙස සැරසී සමාජ මාධ්‍ය වෙත නිකුත් කළ වීඩියෝ පටයයේදී ඇය තරුණ පරම්පරාවට උපදෙස් දෙමින් පවසා ඇත්තේ සිහින විශ්වාස කරමින්, වෙහෙස මහන්සි වී වැඩ කරමින්, කිසිවෙකුට තමන්ව ආපසු ඇද දැමීමට ඉඩ නොදී විශ්වාසයෙන් යුතුව ඉදිරියට යා යුතු බවයි. 

මෙන්න ආච්චි මිනි පෙට්ටියෙන් නැගිටලා ඇවිත් - හිමිට පෙට්ටියට තට්ටු කරලා

මෙන්න ආච්චි මිනි පෙට්ටියෙන් නැගිටලා ඇවිත් - හිමිට පෙට්ටියට තට්ටු කරලා