ඉතාලියෙන් ඉන්ධන මිල සහනයක් - මෙන්න විස්තරේ
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ඉහළ ගිය ඉන්ධන මිල හමුවේ පීඩාවට පත් පාරිභෝගිකයින්ට සහන සැලසීම සඳහා දින 20ක කාලයකට ඉන්ධන මිල අඩු කිරීමට ඉතාලි රජය තීරණය කර ඇත.
ඒ සඳහා අවශ්‍ය විශේෂ අණපනත් (Decree) සඳහා එරට රජයේ අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ. මීට අමතරව ලොරි රථ රියදුරන් සඳහා බදු සහන ලබා දීමට ද පියවර ගෙන ඇත.
මෙම පියවර පිළිබඳව අදහස් දක්වමින් නියෝජ්‍ය අග්‍රාමාත්‍ය මැටියෝ සල්විනි (Matteo Salvini) ප්‍රකාශ කළේ, මින් ඉදිරියට ස්පාඤ්ඤය, ජර්මනිය සහ ප්‍රංශය වැනි රටවලට වඩා අඩු මිලකට ඉතාලි ජාතිකයින්ට ඉන්ධන ලබා ගත හැකි වනු ඇති බවයි.
මෙම සහන පැකේජය සඳහා රජයට යුරෝ බිලියනයක පමණ පිරිවැයක් දැරීමට සිදුවනු ඇතැයි ගණන් බලා තිබේ. මෙය තාවකාලික පියවරක් වුවද, පවතින තත්ත්වය අනුව එය තවදුරටත් දීර්ඝ කිරීමේ හැකියාව පවතින බව වාර්තා වේ.