රටම බලන් හිටපු සීනිගම දේවාලයේ පෙරහැර ගැන විශේෂ නිවේදනයක්
දිවයිනේ අස්සක් මුල්ලක් නෑර ජනතාවගේ මහත් භක්තියට පාත්‍ර වූ සීනිගම ශ්‍රී මහා දේවාලයේ 59 වැනි වාර්ෂික මහා දේව පූජෝපහාර පෙරහැර මංගල්‍යය පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව දකුණු පළාත් ආණ්ඩුකාර සුසිරිපාල මානවඩු මහතා ඇතුළු සම්භාවනීය පිරිසකගේ සහභාගීත්වයෙන් මෙවර පෙරහැර පවත්වන දින වකවානු නිල ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
අඳාළ නිවේදනයේ දැක්වෙන ලෙස අගෝස්තු මස 8, 9, 10 සහ 11 යන දිනවලදී සීනිගම පුරවරය ඒකාලෝක කරමින් මෙවර මහා පෙරහර වීදි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.
එසේම සීනිගම දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍යයට අදාළ දින වකවානු චාරිත්‍රානුකූලව ප්‍රකාශයට පත් කිරීමේ උත්සවය ඉකුත් දා උත්කර්ෂවත් අන්දමින් පැවැත් වී ඇත.
එම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ, හික්කඩුව නගරාධිපති යසස්වීන් ගොඩකන්ද සහ ගාලු දිසාභාර නියෝජ්‍ය පොලිස්පති යූ. එල්. පුෂ්ප කුමාර යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී ඇත.
මෙවරත් පෙරහැර මංගල්‍යය ඉතා ඉහළින් පැවැත්වීමටයි කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වේ.
අප්‍රේල් පාසල් නිවාඩුවෙන් පසුව රජයෙන් පාසල් ළමුන් වෙනුවෙන් විශේෂ සැලැස්මක් - පාසල් ළමුන්ට දෙන්න යන දේ මෙන්න