නුවරඑළිය කැළඹෙයි - ලෝකාන්තයෙන් වැටුණු වෛද්‍ය සිසුවිය පැය ගණනාවක් අත්තක එල්ලී ජීවිතය වෙනුවෙන් සටනක - දැඩි උත්සාහයකින් පසුව බේර ගනී

Report

හෝර්ටන්තැන්නේ ලෝකාන්ත බෑවුමේ සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුවියක් නිරුපද්ධිතව බේරාගැනීමට සමත්ව ඇති බව වාර්තා වේ.

ඒ අනුව 23 හැවිරිදි වියේ පසුවූ අදාළ සිසුවියක් අඩි 50ක් පමණ ප්‍රපාතයකට මෙසේ ඇඳවැටී තිබෙනවා. ඒ අනුව ඇය අත්තක එල්ලී සිටියදී පැය ගණනාවක මෙහෙයුමකින් පසුව මෙසේ මුදවාගැනීමට හැකියාව ලැබී ඇත.

අනතුරට පත් සිසුවිය එම විශ්වවිද්‍යාලයේම තවත් සිසු සිසුවියන් පිරිසක් සමඟ ලෝකාන්තය නැරඹීමට අද (19) දින පෙරවරුවේ පැමිණ තිබෙනවා. එහිදී ඇය සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සහ කිරිමේදී මෙසේ පහළට වැටී ඇති බව සඳහන්.

උණුසුම මැද ඉන්ධන මිල ගැන තවත් තීරණයකට සැරසේ - විශේෂ සාකච්ඡාවක්

උණුසුම මැද ඉන්ධන මිල ගැන තවත් තීරණයකට සැරසේ - විශේෂ සාකච්ඡාවක්

කෙසේ වෙතත් ඇය අත්තක එල්ලී ඇති අතර, එම අවස්ථාවේ ක්‍රියාත්මක වූ වනෝද්‍යානයේ රියදුරෙකු අවධානම නොතකා පහළට බැස ඇයව අත්තෙන් බස්සවා බෑවුමේ ගලක වාඩිකරවා ඇත. පසුව ඇය මුදාගැනීම සඳහා පට්ටිපොළ පොලීසියෙන්, යුධ හමුදාවේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායෙන් උදව් ඉල්ලා තිබෙනවා.

ඒ අනුව නුවරඑළිය ශ්‍රී ලංකා තුන්වන සිංහ රෙජිමේන්තුවට අනියුක්ත කර ඇති කමාන්ඩෝ භටයින් කිහිප දෙනෙකු, එම රෙජිමේන්තුවේ භට පිරිස්, නුවරඑළිය පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින්, වනජීවි නිලධාරින් සහ පට්ටිපොළ පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුලු පොලිස් නිලධාරින් එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් අනතුරුව ඇයව බේරාගෙන ප්‍රතිකාර වෙනුවෙන් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර ඇත.

ඊශ්‍රායලයේ ලිපිගොනුවලින් ලංකාවේ වුණ ඇඟහිරිවැටෙන කතාවක් - ජේ.ආර්.ජයවර්ධනගේ රහසකුත් එළියට

ඊශ්‍රායලයේ ලිපිගොනුවලින් ලංකාවේ වුණ ඇඟහිරිවැටෙන කතාවක් - ජේ.ආර්.ජයවර්ධනගේ රහසකුත් එළියට

මහින්ද රාජපක්ෂ හිරේ යවන්න සැලැස්මක්ද? මහින්දට විරුද්ධව තර්ජනය කර කටඋත්තර ගත් බව චෝදනාවක්

මහින්ද රාජපක්ෂ හිරේ යවන්න සැලැස්මක්ද? මහින්දට විරුද්ධව තර්ජනය කර කටඋත්තර ගත් බව චෝදනාවක්