කොළඹ–මහනුවර ප්‍රධාන මාර්ගයේ දරුණු අනතුරක් - කාන්තාවක් මරුට

Report

දං ඕ විට පොලිසියය පවසන පරිදි කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ දංඕවිට, හොරගස්මංකඩ ප්‍රදේශයේදී අද (03) යතුරුපැදියක් වැලි පැටවූ ටිපර්රියක ගැටීමෙන් සිදු වූ අනතුරකින් යතුරුපැදියේ ගමන් කළ කාන්තාව මියගොස් ඇත.

මෙලෙස අනතුරින් මියගොස් ඇත්තේ කොටදෙණිය, දංඕවිට ලිපිනයේ පදිංචිව සිටි රුවන් පතිරණගේ රූපිකා ප්‍රසාදිනී නමැති (49) කාන්තාවකි.

පොලිසිය පවසන පරිදි මහනුවර දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ වැලි පටවන ලද ටිපර් රථයක්, රියදුරුට පාලනය කර ගත නොහැකිව එම දෙසටම ඉදිරියෙන් ධාවනය වූ යතුරුපැදියක පිටුපස ගැටී ඇත.

වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නය උඩු දුවයි, විශේෂඥ වෛද්‍ය ඒකක 164ක් අකර්මණ්‍යයි

වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නය උඩු දුවයි, විශේෂඥ වෛද්‍ය ඒකක 164ක් අකර්මණ්‍යයි

ගැටීමෙන් පසු ටිපර් රථය මාර්ගයෙන් ඉවතට පැන අතුරු මාර්ගයකට පෙරළී ගොස් ඇති බව වාර්තා වේ. අනතුරින් යතුරුපැදිය පදවාගෙන ගිය කාන්තාව ටිපර් රථයට යටවී බරපතල තුවාල ලබා ඇති අතර, වහාම ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් ඇය වරකාපොල රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.

නමුත් රෝහලට ඇතුළත් කරන විටත් ඇය මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි.

රත්තරන් ගන්න කියාපු දවස - රන්මිල රු.12,000කින් පහලට

රත්තරන් ගන්න කියාපු දවස - රන්මිල රු.12,000කින් පහලට