කිම් ජොන් උන් 13 හැවිරිදි දියණියත් එක්ක දුම්රියෙන් චීනයට - ආරක්ෂක හේතු මත වාඩිවූ තැනුත් පිසදාලා
ලෝකෙම දන්නා උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් චීනයේ බීජිං හි පැවැත්වෙන සමුළුවකට සහභාගී වීමට සිය සන්නද්ධ විශේෂ දුම්රියෙන් පැය 20ක ගමනක යෙදී ඇත.
චීන ජනාධිපති ෂී ජින්පිං සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ හමුවීම සඳහා මෙම සංචාරය සිදුවේ.
කිම්ගේ ආරක්ෂක නිලධාරීන් හමුවකදී ඔහු වාඩිවූ පුටුව, මේසය සහ ජලය පානය කළ වීදුරුව සූක්ෂම ලෙස පිරිසිදු කර ඉවත් කළ අයුරු ලෝක අවධානයට ලක්ව ඇත. මෙය ඔහුගේ DNA විදෙස් බුද්ධි අංශවලට හසුවීම වැළැක්වීමේ ආරක්ෂක පියවරක් බව විශ්වාස කෙරේ.
මෙම සංචාරයට කිම්ගේ 13 හැවිරිදි දියණිය කිම් ජු-ඒ ද එක්ව සිටින අතර, ඇයව ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස සූදානම් කරන බවට මත පළවේ. කිම් ගමන් ගත් "සංචලන බලකොටුව" නම් වෙඩි නොවදින, මැදිරි 21කින් යුත් කොළ පැහැති දුම්රිය ඉහළ පහසුකම්වලින් සමන්විතය. එහි වේගය පැයට කිලෝමීටර 60ක් වන අතර, ජනේල අඳුරු කර ඇත. දුම්රියේ සම්මන්ත්‍රණ ශාලා, පෞද්ගලික නිදන කාමර සහ ඉහළ ගණයේ ආහාරපාන සහිත අවන්හලක් ඇත.
කිම්ගේ "සතුටු සේනාංකය" නම් තරුණියන් කණ්ඩායමක් ද මෙහි ගමන් කරන බව පැවසේ. මෙම දුම්රිය ඔහුගේ පියා සහ සීයා ද විදෙස් ගමන් සඳහා භාවිතා කළ අතර, එය උතුරු කොරියානු ආරක්ෂක විධිවිධානවල කැපී පෙනෙන අංගයකි.