අවුරුදු 62 කාන්තා මළසිරුරක් ගහක එල්ලලා - වතුයායේ තනියම ජීවත් වෙලා තියෙන්නේ
අද 21 දින වටවල පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරික්ෂක චන්දන ගමගේ මහතා පැවසුවේ අලුයම ගසක එල්ලී තිබෙන කාන්තා මළසිරුරක් සොයා ගත් බවයි.
මියගිය කාන්තාව වටවල පොලිස් වසමට අයත් කුයිල්වත්ත ප්රදේශයේ පදිංචි කන්නන් මණිරාණි නැමති 62 හැවිරිදි කාන්තාවක් බව වාර්තා වේ.
වතුයායේ වතු කම්කරුවන් විසින් ඇය තම වත්තේ ගසක ඇද සිටි සාරියෙන් ගසේ එල්ලී මිය ගොස් සිටින බවට වටවල පොලිසියට පැමිණිලි කර ඇත.
ඇය වතුයායේ පදිංචිව සිටි කාන්තාව තනියම ජීවත් වූ බවත්, මෙය සිය දිවි හානි කර ගැනිමක්ද නැතහොත් ඝාතනයක්ද යන්න පිලිබදව හැටන් පොලිස් කොට්ඨාශ ස්ථාන පරික්ෂණ නිළධාරින්ගේද සහයෝගය ඇතිව වටවල පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ විමර්ෂණ සිදු කරන බවත් වාර්තා වේ.