අඹුසැමි ආරවුල දුරදිග යයි..කතක් දරුණු ලෙස පිළිස්සී මරුට.

Police Accident Jaffna woman-burnt-to-death Jaffna main hospital
By Aruna Nov 23, 2021 02:00 AM GMT
Aruna

Aruna

Report

යාපනය පේදුරුතුඩු තික්කම් අල්වායි ප්‍රදේශයේදී අඹුසැමි ආරවුලක් දුරදිග යාමෙන් සිරුර ගිනිගැනීම හේතුවෙන් බරපතල පිලිසුම් තුවාල ලබා රෝහල්ගත කල කාන්තාවක් මිය ගොස් ඇති බවට පේදුරුතුඩු පොලීසිය පවසයි.

මිය ගිය කාන්තාවගේ සැමිය පසුගිය 13 වනදා රාත්‍රියේ දැඩි ලෙස බීමත්ව නිවසට පැමිණ කාන්තව සමග බහින්බස් වී කාන්තාවට පහර දී ඇති අතර එම අවස්ථාවේදී කාන්තව විසින් භූමිතෙල් සිය සිරුරට වත්කොට ගිනිතබාගන්නා බවත් තමන්ට කරදර නොකරන ලෙසටත් සැමියාට පවසා ඇත.

ඉන් අනතුරුව මද වේලාවකින් කාන්තාවගේ සිරුරට ගිනිගෙන කෑගැසීම හේතුවෙන් කාන්තාවගේ ගින්න නිවා දමා බරපතල පිලිසුම් තුවාල සහිතව පේදුරුතුඩුව රෝහලට ඇතුලත් කල බවටත් වැඩිදුර ප්‍රතිකාර සඳහා කාන්තාව යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කල බවද ප්‍රදේශවාසීන් පැවසූහ.

පසුව සිද්ධිය පිළිබඳව වැඩිදුර පරික්ෂණ සිදුකල පෙදුරුතුඩුව පොලීසිය විසින් කාන්තාවගේ සැමියා අත්අඩංගුවට ගෙන ඇති අතර දෙදෙනා අතර වූ ආරවුලේදී සැමියා විසින් බිරිඳට ගිනිතබා ඇතැයි සැක පල කරන බවටද පොලීසිය පැවසීය.

බරපතල පිලිසුම් තුවාල සහිතව සතියකට ආසන්න කාලයක් යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බිරිඳ ඊයේ දින මිය ගොස් ඇති අතර මිය ගොස් ඇත්තේ 47 හැවිරිදි පරමනාදන් ශෂිකලා නැමති කාන්තාවක් බවට පරික්ෂණ සිදුකරන පේදුරුතුඩු පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now