වෙනිසියුලාව දෙදරුම් කෑ ප්‍රබල භූ කම්පාවලින් මියගිය ගණන 920ක් දක්වා ඉහළට - රටම හඬා වැටෙද්දි තවත් සිය ගණනක් සුන්බුන් අතර

Report

වෙනිසියුලාවේ ඇති වූ ද්විත්ව භූමිකම්පාවලින් නිල වශයෙන් මියගිය සංඛ්‍යාව 920 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික සභාවේ සභාපති නීති සම්පාදක ජෝර්ජ් රොඩ්‍රිගස් ඊයේ(26) ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව තවත් 3,000 ක් පමණ තුවාල ලබා ඇති බවත් සඳහන්.

මේ අතර කැරකස් අගනුවර ඇතුළු රටේ උතුරේ ගොඩනැගිලි දුසිම් ගණනක් භූමිකම්පා දෙකෙන් විනාශ වීමෙන් පසු තුවාල ලැබූවන් තාවකාලික වෛද්‍ය පහසුකම්වල ප්‍රතිකාර ලබමින් සිටියි.

අදත් උදේම බිහිසුණු අනතුරක් - බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 42 ට තුවාල

අදත් උදේම බිහිසුණු අනතුරක් - බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 42 ට තුවාල

එරට රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ජාත්‍යන්තර ගලවා ගැනීමේ සේවකයින් සිය ගණනක් දිවයිනට පැමිණ ඇති බවත්, තවත් බොහෝ දෙනෙකු එම ස්ථානයට පැමිණීමට නියමිත බවත් සඳහන් කර ඇත.

ඉකුත් බදාදා දින තත්ත්පර කිහිපයක් ඇතුළත වෙනිසියුලාව දෙදරුම් කෑ ප්‍රබල භූමිකම්පා දෙකක් ඇති ව තිබුණා.

එහි දෙවන භූමිකම්පාව සියවසකින් රටට බලපෑ ප්‍රබලතම භූමිකම්පාවලින් එකක් වන අතර එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 7.5 ක් විය.

මේ අතර වෙනිසියුලාවේ සෞඛ්‍ය අමාත්‍ය කාලෝස් අල්වරාඩෝට අනුව රෝහල් "රෝගීන්ගෙන් පිරී ඇත." එසේම තවත් සිය ගණනක් සුන්බුන් අතර සිරවී සිටින බවට විශ්වාස කරයි.

අද උදෑසන 5.30 ට දිවයිනටම නිකුත් කළ නිවේදනය - 2 න් පස්සේ තත්ත්වය මේකයි

අද උදෑසන 5.30 ට දිවයිනටම නිකුත් කළ නිවේදනය - 2 න් පස්සේ තත්ත්වය මේකයි

බස් ගාස්තු ඉහළට - ජූලි 01 දා සිට ක්‍රියාත්මක වේ

බස් ගාස්තු ඉහළට - ජූලි 01 දා සිට ක්‍රියාත්මක වේ