අයර්ලන්තය ඉතිහාසය වෙනස් කරයි.. ඓතිහාසික ජයක් එක්ක ලෝක ශූර ඉන්දියාවට පළමු T20 යෙන්ම වැටෙන්න දෙයි

Report

බෙල්ෆාස්ට් හි සිවිල් සර්විස් ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගණයේදී ඊයේ (26) දින පැවති පළමු විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ඉන්දියාව ලකුණු 34කින් පරාජය කිරීමට අයර්ලන්ත කණ්ඩායමට හැකි වුණා.

ඒ අනුව මෙම ඓතිහාසික ජයග්‍රහණයත් සමඟ තරග 2කින් සමන්විත තරගාවලිය 1-0 ක් වශයෙන් පෙරමුණ ගැනීමට අයර්ලන්තය සමත් විය.

එසේම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 182ක් ලබා ගැනීමට සමත් විය.

එහිදී නායක ලෝකන් ටකර් පන්දු 36කින් ලකුණු 50ක් රැස් කරමින් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ අතර ගැරත් ඩෙලනි පන්දු 32කින් ලකුණු 49ක් ලබා ගනිමින් අයර්ලන්ත ඉනිම තවදුරටත් ශක්තිමත් කිරීමට සමත් විය.

අද ඉන්දියාවේ විස්සයි20 තරගයේදී ලෝක වාර්තාවක්? ක්‍රිකට් පිටියට එන 15 හැවිරිදි සුපිරි තරුව මෙන්න

අද ඉන්දියාවේ විස්සයි20 තරගයේදී ලෝක වාර්තාවක්? ක්‍රිකට් පිටියට එන 15 හැවිරිදි සුපිරි තරුව මෙන්න

මේ අතර ඉන්දීය පන්දු යැවීමේදී හර්ෂිත් රාණා ලකුණු 24කට කඩුලු 3ක් දවා ගත් අතර, අර්ෂ්දීප් සිං සහ අක්සාර් පටෙල් කඩුලු 2ක බැගින් දවා ගැනීමට සමත් විය.

එසේම ලකුණු 183ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 148ක් පමණි.

එමෙන්ම ආරම්භක පිතිකරු අභිෂේක් ෂර්මා පන්දු 20කින් වේගවත් ලකුණු 49ක් ලබා ගනිමින් ඉන්දියාවට ප්‍රබල ආරම්භයක් ලබා දුන්නද වෙනත් කිසිදු ඉන්දීය පිතිකරුවෙකුට ලකුණු 20 සීමාව පසු කිරීමට නොහැකි විය.

අද උදෑසන 5.30 ට දිවයිනටම නිකුත් කළ නිවේදනය - 2 න් පස්සේ තත්ත්වය මේකයි

අද උදෑසන 5.30 ට දිවයිනටම නිකුත් කළ නිවේදනය - 2 න් පස්සේ තත්ත්වය මේකයි

ඒ අනුව අයර්ලන්ත පන්දු යවන්නන් වන මැට් හොලාර්ඩ් ලකුණු 28කට කඩුලු 3ක් සහ මැතිව් හම්ප්‍රීස් ලකුණු 38කට කඩුලු 3ක් දවා ගනිමින් ඉන්දීය ඉනිම බිඳ දැමීමට සමත් විය.

එසේම ජායි මූන්ද්‍රා ලකුණු 25කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය.

බස් ගාස්තු ඉහළට - ජූලි 01 දා සිට ක්‍රියාත්මක වේ

බස් ගාස්තු ඉහළට - ජූලි 01 දා සිට ක්‍රියාත්මක වේ

අද සිට 29 වැනි දින දක්වා මේවා ඕෆ් කරන්න - හදිසි විදුලි බිඳවැටීම් වළක්වා ගැනීමට රජයෙන් ඉල්ලීමක්

අද සිට 29 වැනි දින දක්වා මේවා ඕෆ් කරන්න - හදිසි විදුලි බිඳවැටීම් වළක්වා ගැනීමට රජයෙන් ඉල්ලීමක්