රුපියල් කෝටි 03 ක දේපළ කුඨ ලේඛණ සකසා අත්පත් කරගත් කත කොටුවෙයි.

Sri Lanka Police Crime Law and Order Sinhala news
By Kaushi Apr 30, 2025 11:23 AM GMT
Kaushi

Kaushi

Report

කූඨ ලේඛණ සකස් කර රුපියල් කෝටි 03 ක් පමණ වටිනා දේපළ අත්පත් කරගෙන සිටි කාන්තාවක්ව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලද පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනයකින් පසුව මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

"රනිල් වික්‍රමසිංහ දොස්තර මහත්තයෙක්ට පෙන්වන්න වෙයි" (VIDEO)

"රනිල් වික්‍රමසිංහ දොස්තර මහත්තයෙක්ට පෙන්වන්න වෙයි" (VIDEO)

වයස අවුරුදු 64 ක් වූ සැකකාරිය විශ්‍රාමික කාන්තා පොලිස් සැරයන්වරියක් බව ද සඳහන් වේ.

කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචිකාරියක් වෙන ඇය ඊයේ (29) නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මැයි මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

ආරක්ෂක මණ්ඩලය කැඳවා පහර දෙන ලෙස නියෝග දෙයි

ආරක්ෂක මණ්ඩලය කැඳවා පහර දෙන ලෙස නියෝග දෙයි

වාණිජ අපරාධ විමර්ශන අංශය විසින් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

ReeCha