හෙට මිනිස්සුන්ට වෙන දේ ගැන කල්තියා රටටම නිවේදනයක්
හෙට (22) දිනයේද ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.
ඒ අනුව අද (21) පස්වරු 3.30ට නිකුත්කරන ලද එම නිවේදනය හෙට දිනයට වලංගු වන බව එම දෙපාර්තමේන්තුව දක්වා තිබෙනවා.
එසේම කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන ලෙස උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත් සහ හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කල යුතු” මට්ටමක පැවතිය හැකි වේ.