හේෂා නඩුවකින් නිදහස්

Report

අරලිය ගහ මන්දිරය ඉදිරිපිටදී විශ්‍රාමික මේජර් නිතිඥ අජිත් ප්‍රසන්න මහතාට පහරදුන් බවට චෝදනා කරමින් පවරා තිබූ නඩුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අද (21) නියෝග කළාය.

නඩුව පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් පැමිණීලි පාර්ශවයට කිසිඳු උනන්දුවක් නැතැයි හේෂා විතානගේ මහතා නිදහස් කරමින් මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය. නඩුවේ සැකකරුවකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා මියගොස් ඇති බව මීට පෙර අවස්ථාවක අධිකරණයට දැනුම් දී තිබිණී.

මාලිමාවට හික් ගෑවෙන්න රාජ්‍ය සේවකයන්ගේ ඇඟිල්ලෙයි ආණ්ඩුවෙයි තියෙන පැටිකිරිය දිගාරියි

මාලිමාවට හික් ගෑවෙන්න රාජ්‍ය සේවකයන්ගේ ඇඟිල්ලෙයි ආණ්ඩුවෙයි තියෙන පැටිකිරිය දිගාරියි

2 019 වසරේ නොවැම්බර් පළමුවැනිදා හෝ ඊට ආසන්න දිනයක කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ඉදිරිපිටදී විශ්‍රාමික මේජර් නිතිඥ අජිත් ප්‍රසන්න මහතාට පහරදුන් බවට චෝදනා කරමින් විත්තිකරුවන්ට එරෙහිව කොල්ලුපිටිය පොලිසිය මෙම නඩුව පවරා තිබිණී.

නඩුව කැඳවනු ලැබු අටස්ථාවේදී හේෂා විතානගේ මහතා අධිකරණයේ පෙනී සිටි අතර පැමිණීලිකාර විශ්‍රාමික මේජර් නිතිඥ අජිත් ප්‍රසන්න මහතා අධිකරණයේ පෙනී සිටියේ නැත.

විත්තිකාර හේක්ෂා විතානගේ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු කරුණු දක්වමින් පැමිණීලිකාර විශ්‍රාමික මේජර් නිතිඥ අජිත් ප්‍රසන්න මහතා අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් අවස්ථා දෙකකදී සිතාසි නිකුත් කර ඇතැත් ඔහු අධිකරණයට පැමිණ නැතැයිද නඩුව පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් පැමිණීලි පාර්ශවයට කිසිඳු උනන්දුවක් නොමැති හෙයින් විත්තිකරු චෝදනා වලින් නිදහස් කරන්නැයි ඉල්ලා සිටියහ.

2025 උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ

2025 උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ