මෙහෙණින් වහන්සේලාට අයිති තැනකට භික්ෂුවක් විහාරාධිපති වෙලා මොනවද මේ විහිලු, දියුණු වෙලා එනව දැක්කාම තණ්හාව ආවා උන්වහන්සේට

Crime Branch Criminal Investigation Department Law and Order Latest Headlines Sinhala news Breaking News
By Kaushi Aug 21, 2025 10:39 AM GMT
Kaushi

Kaushi

Report

අනුරාධපුර ධම්මානි අනුරපාලි මෙහණෙින් වහන්සේ විසින් මිහින්තල රාජමාහා භාරකාර හිමියන් අනුලා මහසෑ පුදබිමට වංචනික ලෙස විහාරාධිපති සම්මුති පත්‍රයක් සකස් කරගැනීමට විරුද්ධව පැමිණිල්ලක් කිරීමට පැමිණි අවස්ථාවේ කොළඹ කොටුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී මාධ්‍ය අමතා ඇත.

මාලිමාවට හික් ගෑවෙන්න රාජ්‍ය සේවකයන්ගේ ඇඟිල්ලෙයි ආණ්ඩුවෙයි තියෙන පැටිකිරිය දිගාරියි

මාලිමාවට හික් ගෑවෙන්න රාජ්‍ය සේවකයන්ගේ ඇඟිල්ලෙයි ආණ්ඩුවෙයි තියෙන පැටිකිරිය දිගාරියි

එහිදී මෙහණෙින් වහන්සේ,“පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයිති භූමියකට මිහින්තලේ හාමුදුරුවෝ වංචනිකව විහාරාධිපති සම්මුති පත්‍රයක් හදලා. ශ්‍රී ලාංකික මෙහෙණින් වහන්සේලාට උරුමයෙන් අයිති අනුලා මහ සෑයටත් වංචනිකව විහාරාධිපති කෙනෙක් පත් කරපු එක පිළිගන්න බැහැ. බෝදාගම චන්දිම නායක හාමුදුරුවෝ තමයි නටඹුන්වෙලා, ජරාජීරණය වෙලා තිබුන අනුලාසෑය ගොඩනගන්න ඉදිරිපත් උනේ. ඒ නිසා මිහින්තලේ හාමුදුරුවෝ කරන මේ කඩාකප්පල්කාරී වැඩේ කිසිවෙක් අනුමත කරන්නේ නෑ.” යනුවෙන් සඳහන් කර තිබෙනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මෙහණෙින් වහන්සේ,

හිතක් පපුවක් නැතුව කරපු අපරාධෙට මරණ දඩුවම

හිතක් පපුවක් නැතුව කරපු අපරාධෙට මරණ දඩුවම

"අද දින අප අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේ සුවිශේෂ කරුණක් සම්බන්ධව පැමිණිල්ලක් සිදුකරන්න. මෙහෙණින් වහන්සේලා විදියට අපට වටිනාම ස්ථානයක් වෙන්නේ පුරාවිද්‍යාත්මකව තහවුරු කරල තියෙන ලංකාවේ පළමු මහරහත් තෙරණියගේ ධාතුන් තැන්පත් මිහින්තලේ දිග්ගල අනුලාතිස්ස දාගැබ් වහන්සේ. ක්‍රිස්තු වර්ෂ 165 රජකම් කරපු කණිෂ්ඨතිස්ස රජ්ජුරුවෝ තමයි මේක හදල තියෙන්නේ භික්ෂූනීන් වහන්සේලා සදහා. දැනට එහෙම හදපු ඉතිරිව තියෙන බලගතුම තැන මෙතන. දැන් ඒක ජරා ජීර්ණ වෙලා වල් වැදිලා විනාශ වෙලා තිබුණු මොහොතක බෝදාගම චන්දිම නායක හාමුදුරුවෝ ඉදිරිපත් වෙලා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් එක්ක විධිමත්ව සාකච්ඡා කරල නීතිපතිගේ අවසරය ඇතිව නාගානන්ද විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයනාංශය සමග ඒකාබද්ධව සංරක්ෂණ කටයුතු ආරම්භ කරා. නමුත් අවසානාවකට මිහින්තලේ භාරකාර වලවාහැංගුනවැවේ ධම්මරතන හාමුදුරුවෝ මේකේ මුලදී සහය දීලා පස්සේ දී ඊර්ෂ්‍යාවක් වගේ හැගීමකින් කඩාකප්පල් කරල තියෙනවා. දැන් ඒ ව්‍යෘපෘතිය නතර වෙලා. මෙහෙණින් වහන්සේලා හැටියට අපට වටිනාම ස්ථානයක් සංරක්ෂණය කරල ලෝකයට දායාද කරන්න තියෙන අවස්ථාව නැති කරල තියෙනවා. බොරු චෝදනා කරල කඩාකප්පල්කාරී විදියට. ඒ බොරු චෝදනාවලටත් කඩාකප්පල්කාරී වගේ ම නීති විරෝධිව මිහින්තලේ හාමුදුරුවෝ කරල තියෙන අනීතික ක්‍රියාවන් පිළිබද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද දින අපි පැමිණිල්ලක් ඉදිරිපත් කළා. මේ පිළිබදව සාධාරණ අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්න. හැමදාම හොද වැඩක් කරන්න යන කොට අකුල් හෙලන මිනිස්සු ගැන රටට අනාවරණය කරන්න ඕන.

මේ ලයිසන්වල ගාණ වැඩි කරන්න තීරණයක්

මේ ලයිසන්වල ගාණ වැඩි කරන්න තීරණයක්

තමන්ට පොසොන් පෙරහැර කරගන්න බෑ කියල කියමින් ලයිට් බිල ගෙවාගන්න බැ කියමින් අපිට රටට ලෝකයට දායාද කරන්න හැදුව අනුලා සෑය තණ්හාව නිසා කඩාකප්පල්කාරී ලෙස නතර කරන්න උත්සාහ ගන්නවා. ඒකට අපි විරුද්ධයි. මං අභියෝග කරනවා එහෙනම් ඔය දාගැබ ලස්සනට හදලා හොද මෙහෙණින් වහන්සේලාගේ මධ්‍යස්ථානයක් කරන්න කියල. සාසනය රැකෙන්න බලපාලා තියාන්නේ මේ තණ්හාව. නීතිපති නීත්‍යනුකූලයි කියපු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එක්ක සාකච්ඡා වට කිහිපයක්ම තියල ඉතා විධිමත්ව අරඹපු ව්‍යාපෘතිය බොරු කතා කියමින් කුමන්ත්‍රණකාරී ලෙස කඩාකප්පල් කරන්න හදනවා.ලංකාවේ එකම තැන මෙහෙණින් වහන්සේලාට අයිති ස්ථානයක් භික්ෂුවක් විහාරාධිපති වෙච්ච. මොනවද මේ විහිලු. ඒ වගේම කියන්න ඕන ඉතාම කුමන්ත්‍රණකාරී විදියට තමයි විහාරාධිපතිකමක් මේ අනුලා සෑයට හදාගෙන තියෙන්නේ. පන්සලක් නැති තැනක කොහොමද විහාරාධිපති කියල කෙනෙක් ඉන්නේ? පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයිති පුරාවිද්‍යා ස්ථානයක කොහොමද විහාරාධිපති කෙනෙක් ඉන්නේ? මේක අපරාධමය වරදක්. අපි ඒ ගැන කරුණු සහිතව පැමිණිලි කලා. අපිට මේ ස්ථානය ගැන කැක්කුමක් තියෙනවා. මේක අපේ ඓතිහාසික උරුමය. මේක මිහින්තලේ හාමුදුරුවන්ගේ තණ්හාවට විනාශ කරන්න දෙන්න පුලුවන් ද? මේක සංරක්ෂණය වෙලා දියුණු වෙලා එනව දැක්කාම තණ්හාව ආවා උන්වහන්සේට. ඒ තණ්හාව නිසා හොර ලියකියවිලි හදලා මේ ගිය අවුරුද්දේ විහාරාධිපතිකමක් හදාගත්තා. මෙච්චර දවසක් බලපු නැති එකක්. මෙච්චර දවසකට විහාරාධිපතිලා හිටිය නැති තැනක්. වල්බිහි වෙච්ච තැනක් දැන් ගිය අවුරුද්දේ අග කොහොමද එකපාරටම විහාරාධිපති කෙනෙක් පත්වුනේ. මේක ගැන පරීක්ෂණ කළ යුතුයි. මේක මෙහෙණින් වහන්සේලාට බාර දෙන්න.

2025 උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ

2025 උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ

කොච්චරවත් පන්සල් තියෙනවා අභාවයට යන. අන්න ඒවාට විහාරාධිපතිකම් කියාගෙන ඒවා රැකල දෙන්න. මේක මෙහෙණිවරුන්ට දෙන්න. අපි දන්නවා මේක හදන්න මිහින්තලේ හාමුදුරුවන්ට බෑ කියල. කොයිවෙලෙත් මාධ්‍ය අරන් ගිහින් කියව කියව ඉන්නවට වඩා ලොකු දෙයක් කරන්න බලන්න කියල කාරුණිකව ඉල්ලන්න කැමැතියි. මේකේ ධම්මරතන හාමුදුරුවන්ට භාර දුන්නොත් මෙහෙණිවරු වෙච්ච අපිට ඒ පැත්ත පලාතට යන්න හම්බෙන එකක් නෑ.අපි මේ රටේ මහානායක මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලාගෙන් ඉල්ලනවා කරන්න පුලුවන් අයට බාර දෙන්න. මේවා අපි අරන් යන්නේ නැ නම්වලට ලියාගත්තට. කවුරුහරි හදල ලෝකයට දායාද කරන්නයි ඕන. මෙහෙණි ආරාමයක විහාරාධිපති කියල භික්ෂුවක් පත් කරන කොට තවදුරටත් හිතල බලන්න කියල පාදනමස්කාර පූර්වකව ඉල්ලා සිටිනවා.මිහින්තලේ හාමුදුරුවෝ සිදුකරන චෝදනාවලට අපි පිලිතුරු හා උන්වහන්සේ විසින් සිදුකරපු අනීතික නීති විරෝධි ක්‍රියාවලට අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කලා. බලමු මේක නතර නොවුනොත් තව ඉස්සරහට නීතිමය අංශයෙන් ක්‍රියාමාර්ග ගන්න කටයුතු කරනවා." යනුවෙන්.  

අද මල් 07යි - ඔයත් ට්‍රයි කරලා බලන්න, විවාහ අපේක්ෂකයින්ට වාසනාවන්ත දිනයක්

අද මල් 07යි - ඔයත් ට්‍රයි කරලා බලන්න, විවාහ අපේක්ෂකයින්ට වාසනාවන්ත දිනයක්