එයාලත් වඳ වෙන්න පටන් අරන්, හේතුව ඇහුවොත් තවත් දුක හිතෙයි [PHOTOS]
China
World
Latest Headlines
Sinhala news
Breaking News
By Kaushi
චීනයේ යැංසි ගඟේ ජීවත් වන අවසාන විශාල සත්ත්ව විශේෂයක් ලෙස හඳුන්වන "ගංගා ඩොල්ෆින්" හෙවත් finless porpoise නම් සත්ත්වයා බේරා ගැනීමේ සටනක මේ වන විට චීන විද්‍යාඥයින් නිරතව සිටින බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එබැවින් මෙම කලාපයේ මසුන් ඇල්ලීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බව ප්‍රකාශ කර ඇත.
එසේම චීන විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ නැව්වලින් ඇති වන ඉතා ඝෝෂාකාරී ශබ්දය නිසා එම සතුන්ගේ මොළයට සිදුවන හානිකර තත්ත්වයෙහි ප්‍රතිඵලයක් වශයෙන් මෙම සතුන් වඳවී යන බවයි.
තත්ත්වය එය වුවත් විද්‍යාඥයින් තවදුරටත් සඳහන් කළේ මගීන් මෙන්ම භාණ්ඩ ප්‍රවාහනය නෞකා සහ මධ්‍යම චීනයේ ආර්ථිකයේ වැඩි කොටසකට ජීවනාලිය සපයන කාර්යබහුල වූ ගංගා ගමනාගමනය කිසිසේත්ම නැවැත්විය නොහැකි බවයි.




