අපි එව්වේ නිල ආරාධනයක් ඔක්කොම තොරතුරු අපි ළඟ තියෙනවා - බරපතළ නඩුවකින් රනිල්ව වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය බේරයි
එංගලන්තයේ වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය මඟින් මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය වෙත ගෞරවනීය මහාචාර්ය ධුරයක් පිරිනැමීම සහ ඒ සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල වශයෙන් ආරාධනා කිරීම පිළිබඳ තොරතුරු එංගලන්ත තොරතුරු දැනගැනීමේ පනත යටතේ අනාවරණය වී ඇත.
ඒ අනුව සමාජ ක්‍රියාකාරී ඕෂල හේරත් මහතා විසින් 2026 ජනවාරි 30 වන දින ඉදිරිපත් කරන ලද තොරතුරු දැනගැනීමේ ඉල්ලීමකට (FOI) ප්‍රතිචාර වශයෙන් එම විශ්වවිද්‍යාලයේ තොරතුරු අයිතිවාසිකම් කළමනාකාරිනී සෝෆී එසන් මහත්මිය විසින් අඳාළ තහවුරු කිරීම සිදු කර තිබෙනවා.
ඒ අනුව ඉකුත් 2023 සැප්තැම්බර් 1 වන දින රනිල් වික්‍රමසිංහ මහතා සහ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය වෙත යොමු කරන ලද ආරාධනා පත්‍රය විශ්වවිද්‍යාලය මඟින් නිල ලෙස නිකුත් කරන ලද්දක් බවට තහවුරු කර තිබෙනවා.
එසේම අඳාළ ලිපි ලේඛනවලින් මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය වෙත ගෞරවනීය මහාචාර්ය ධුරයක් පිරිනැමීම වෙනුවෙන් මෙම සැමරුම් දිවා භෝජන සංග්‍රහය සංවිධානය කර තිබූ බව සඳහන්.
එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා වෙත මෙම ආරාධනය සිදු කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වශයෙන් ඔහුගේ නිල තත්ත්වය සලකා බලමින් බව ද වාර්තා වේ.
අඳාළ නිල ආරාධනය ලන්ඩනයේ පිහිටි ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලය හරහා යොමු කර තිබෙනවා.
එබැවින් 2023 සැප්තැම්බර් 22 වන දින වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව තිබූ උපාධි ප්‍රදානෝත්සවයට පෙර, එනම් දහවල් 12:00 ට මෙම විශේෂ දිවා භෝජන සංග්‍රහය පැවැත්වීමට කටයුතු යොදා තිබූ බවත්, විශ්වවිද්‍යාලයේ කුලපති ලෝඩ් ස්වරාජ් පෝල් සඳහා එවකට උපකුලපති මහාචාර්ය ජෝන් රැෆර්ටි මහතා විසින් මෙම ආරාධනය සිදු කර තිබූ බවත් අඳාළ ලිපිවල දැක්වේ.
මේ අතර විශ්වවිද්‍යාලය සිය තීරණ දැනුම්දීමේ නිවේදනයෙන් ඕෂල හේරත් මහතා විසින් සිදු කරන ලද මෙම විමසීමට අදාළ සියලු තොරතුරු තමන් සතුව පවතින බවත්, ඒවා සම්පූර්ණයෙන්ම මුදා හැරීමට තීරණය කළ බවත් වැඩිදුරටත් දක්වා ඇත.