රුසියාව - යුක්‍රේනය යුධ ගිනි ඇවිලෙයි.... මේ තුන්වන ලෝක යුද්ධයද ...? (VIDEO)

Gagana news Russian and Ukraine wold News
By Subodha Feb 24, 2022 11:36 AM GMT
Subodha

Subodha

Report

මේ වනවිට රුසියාව - යුක්‍රේනය ආක්‍රමණය කරමින් පහරදීම ආරම්භ කර තිබේ.

රුසියානු ආරක්ෂක අමාත්‍යංශය, රුසියානු හමුදා විසින් පහර දෙන ඉලක්ක ප‍්‍රකාශයට පත් කර ඇති අතර යුක්රේන හමුදා කඳවුරු, මිසයිල ආරක්ෂණ පද්ධති, ගුවන් හමුදා කඳවුරවලට රුසියානු හමුදාවේ ඉලක්කය නොවරදින ආයුද මගින් පහර දී ඇති බවයි.

යුක්‍රේන හමුදාවන්ට අවි බිම තබන ලෙසත් රුසියාවේ යුද මෙහෙයුම්වලට බාධා කරන්නන් හට රුසියාව විසින් ක්ෂණිකව පිළිතුරු දෙනු ඇති බවත් ජනාධිපති පුටින් කියා තිබේ.

කෙසේ වෙතත් මේ වනවිට යුක්‍රේනයේ නැගෙනහිර වාය නගරයක් වන මරියපෝල්, කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා, කියෙව්, කර්කොව්, ක‍්‍රමටොස්ක් සහ බර්ඞ්යාන්ස්ක් නගරවල‍ෙ පිපිරීම් සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මනුෂ්‍යත්වයේ නාමයෙන් රුසියානු හමුදා ආපසු ගෙන්වන්න එක්සත් ජාතීන්ගේ ප‍්‍රධානි ඇන්ටෝනියෝ ගුටේරස් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගෙන් ඉල්ලා සිටී. “මෙම සියවසේ දරුණුතම යුද්ධය යුරෝපයේ පටන් ගන්න දෙන්න එපා මෙය බලපාන්නේ යුක්රේනයට පමණක් නොවෙයි මෙය මුළු යුරෝපයටම බලපාන කාරණයක් ඒ නිසා මනුෂ්‍යත්වයේ නාමයෙන් රුසියානු හමුදා ආපසු කැඳවන්න” යැයි එක්සත් ජාතීන්ගේ ප‍්‍රධානි ඇන්ටෝනියෝ ගුටේරස් පවසයි.

මේ අතර රුසියාවේ සිටින සියලුම යුක්‍රේන ජාතිකයනට රුසියාවෙන් ඉවත්වන්නැයි යුක්රේන විදේශ අමාත්‍යංශය දැනුම් දීමක් කර ඇත.

යුක්රේන විදේශ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ ”යුක්‍රේන ජාතිකයන් හේතුව කුමක් වුවත් රුසියාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙසත් රුසියාවේ සිටින යුක්රේන පුරවැසියන් වහාම රුසියාවෙන් ඉවත් වන ලෙසත්ය”

එමෙන්ම යුක්රේන ආරක්ෂක කවුන්සිලය යුක්රේනය තුල හදිසි තත්ත්වයක් ප‍්‍රකාශ කිරීමට තීරණය කර ඇත .

දර්ශන අයිතිය - නිව්ස් ෆස්ට්


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
join now