අරුම පුදුම පුවතක් ලොව වයස්ගතම කිරිල්ලිය වසර හතරකට පසුව නව පදවියකට..(PHOTO)
අවුරුදු 74ක් වන ලෝකයේ වයස්ගතම කිරිල්ලිය ගැන අරුම පුදුම පුවතක් වාර්තා වෙනවා...
ලොව වයස්ගතම කිරිල්ලිය (wild bird) ලෙස සැලකෙන, 'Wisdom' බිත්තරයක් දමා ඇති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කුරුලු ලෝකය ගැන උනන්දු ඔබට මේ පුවත පුදුමය දනවනවා ඇති...
මෙය සත්ත්ව විද්‍යාඥයින් අතර වඩාත් කතාබහක් ඇති කිරීමට හේතුව වී ඇත්තේ, කිරිල්ලියගේ වයස ආසන්න වශයෙන් අවුරුදු 74 ක් වීම නිසාවෙන්.
රිකල්ටන් ටෙස්ට් ක්‍රිකට් දිවියේ පළමු ශතකය රැස්කරන විට ලහිරු කුමාර ජාත්‍යන්තර ටෙස්ට් කඩුලු 100 පසු කරයි..
'විස්ඩම්' කියන්නේ එයාට කියන අන්වර්ථ නාමය... මෙම පක්ෂියා, 'ලේසන් ඇල්බට්‍රොස්' (Laysan albatross) යන මුහුදු පක්ෂි විශේෂයට අයත් සත්ත්වයෙක් . ඒ අනුව, විස්ඩම් හැමදෙනා අතරම 'මුහුදු පක්ෂීන්ගේ රැජින' මැයෙන් ප්‍රචලිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා... විදෙස් වාර්තාවන්ට අනුව, විස්ඩම් මෙලෙස බිත්තරයක් දමා ඇත්තේ වසර හතරකට පසුවයි.
හවායි දූපත් සමූහයේ උතුරු කෙළවරේ පිහිටි දූපත් අභයභූමියක් වන 'Midway Atoll National Wildlife Refuge' හි දී පසුගිය සතියේ මෙම නව බිත්තරය සමග ඇයව දැක තිබෙන තිබෙනවා..
ඇයත් සමඟ ම නව සහකරුවෙකු ද දක්නට ලැබී ඇති බව සඳහන්. දශක ගණනාවක් තිස්සේ, විස්ඩම්ගේ එකම සහකරු වී ඇත්තේ 'Akeakamai' ලෙස නම් කරන ලද පක්ෂියා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ... නමුදු එම පක්ෂියා 2021 න් පසුව දක්නට නොලැබුණු බවත් සඳහන් වෙනවා...
වාර්තාවන්ට අනුව විස්ඩම් මේ දක්වා බිත්තර 60 ක් පමණ දමා ඇත. 'ලේසන් ඇල්බට්‍රොස්' විශේෂයෙහි ආයු කාලය අවුරුදු 12 ත් 40 ත් අතර වේ. නමුදු 'වර්ණවත් ප්ලාස්ටික්' ගිල දැමීම හමුවේ මෙම පක්ෂීන් ඉක්මනින් මිය යනවා.. එවන් පරිසරයක විස්ඩම් මෙතරම් කලක් ජීවත් වීම පුදුම සහගත වන බවයි ජීව විද්‍යාඥයින් සඳහන් කරන්නේ.
එමෙන්ම ඇය තව තවත් බිත්තර දැමීම ද පුදුමයට කාරණාවක් වන බව ඔවුන් පෙන්වා දෙනවා. විස්ඩම්ව ටැග් කර ඇත්තේ, 1956 දී ඇයට වයස අවුරුදු පහක් පමණ වන විට බවයි වාර්තා වන්නේ.
'ලේසන් ඇල්බට්‍රොස්' විශේෂයෙහි සංසර්ග සමය ඔක්තෝබර් සහ නොවැම්බර් අතර වන බව සඳහන්. මුහුදු පක්ෂීන්ගේ රැජින ගැන මේ පුවත ලොව පුරා සත්ව ලෝලීන්ගේ ආකර්ශණය දිනා ගෙන තිබෙනවා...
You may like this video