ඉන්ධන අර්බුදයට විමල් අලුත්ම විසදුමක් හොයාගනී..

Sri Lanka Political Wimal weerawansha Jathika nidahasperamuna
By Aruna Feb 07, 2022 11:43 PM GMT
Aruna

Aruna

Report

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී විදුලි පාපැදියකින් ගමන් කළේය.

ඒ එම පරිශ්‍රයේදී පැවැති ‘කර්මාන්ත 2022 ජාතික කර්මාන්තය ප්‍රදර්ශනය’ අවස්ථාවේදීය.

කර්මාන්ත ක්ෂේත්‍රයේ මෙතෙක් පැවති කර්මාන්තකරුවන් අතර මනා සම්බන්ධීකරණයක් නොමැති වීම යන ගැටළුවට ද යම් විසදුම් සහිතව, “මෙරට වත්මන් කර්මාන්තකරණයේ පින්තූරය සියලු පාර්ශ්වයන්ට නිවැරදිව පිළිබිඹු කිරීමේ ඉලක්කය” ජය ගනිමින් ද කර්මාන්තකරුවන්ට දෙස් විදෙස් ආයෝජන අවස්ථා සහ නව වෙළෙඳපොළ අවකාශයන් නිර්මාණය කර දීම යන ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයක මූලික අරමුණ සාක්ෂාත් කර දෙමින් ද 2022 පෙබරවාරි 3, 4, 5, 6 යන දිනවල කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවති “කර්මාන්ත 2022 : ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය” සමාප්තියට පත්විය.

රටට පණ දෙන කර්මාන්ත පුනරුදයකට මංපෙත් සලසන තවත් ඉදිරිගාමී පියවරක් ලෙස කර්මාන්ත අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ මෙම “කර්මාන්ත 2022 : ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයට” මෙරට සුළු, මධ්‍ය හා මහා පරිමාණ කර්මාන්තකරුවෝ 400කට අධික පිරිසක් එක්ව සිටියහ. ප්‍රදර්ශනය හා සම්බන්ධ වෙමින් ඉහත කී ජයග්‍රහණ අත්කරදීමට දායකත්වය දුන් එම කර්මාන්තකරුවන් සියලුදෙනාට කෘතවේදීත්වය පළ කිරීමේ විශේෂ හමුවක් ද කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now