රණවිරුවන්ට මල් කළඹක් තියන්නත් අවසර ඕනෑ යුගයක්..මල් තියන්න ගිහින් තමාට වෙච්ච අසාධාරණේ කියන විමල්

Report

මේ රණවිරුවන්ට මල් කළඹක් තියන්නත් අවසර ඕනෑ යුගයක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රණවිරු ස්මාරකය අභියසදී මුහුණ දුන් අත්දැකීමක් සම්බන්ධයෙන් සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ,

රණවිරු ස්මාරකය අසළ උණුසුම් තත්ත්වයක් - පුෂ්පෝපහාර දක්වන්න ගිය විමල් පොලීසිය එක්ක හැප්පෙන්න ගිහින් බිම වැටෙයි..අධිකරණ ක්‍රියාමාර්ග

රණවිරු ස්මාරකය අසළ උණුසුම් තත්ත්වයක් - පුෂ්පෝපහාර දක්වන්න ගිය විමල් පොලීසිය එක්ක හැප්පෙන්න ගිහින් බිම වැටෙයි..අධිකරණ ක්‍රියාමාර්ග

"රණවිරුවන්ට මල් කළඹක් තියන්නත් අවසර ඕනෑ යුගයක් !

17 වැනි විජයග්‍රහණ සැමරුම වෙනුවෙන් අද (18) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රණවිරු ස්මාරකය අභියසදී අප මුහුණ දුන් අත්දැකීමයි මේ. මේ මව්බිම ත්‍රස්තවාදයෙන් මුදාගැනීම වෙනුවෙන් ජීවිත පූජා කළ අපේ වීරෝදාර රණවිරුවන්ට පුෂ්පෝපහාර දැක්වීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට කල පූර්ව ලිඛිත දැනුම්දීමක් අප සතුව තිබුණි. එහෙත්, ස්මාරකය අසලට යාමට නොදී පොලීසිය විසින් අපට දිගින් දිගටම බාධා කළේ කුමන පදනමකින්ද? රට වෙනුවෙන් ලේ, මස්, ජීවිත පූජා කළ වීරයන් සැමරීමට දේශප්‍රේමී ජනතාවට ඇති අයිතිය අවහිර කරන්නේ කාගේ වුවමනාවටදැයි අප එහි සිටි පොලිස් නිලධාරීන්ගෙන් සෘජුවම ප්‍රශ්න කළද, ඔවුන්ට ඒ සඳහා දීමට පිළිතුරක් තිබුණේ නැත! නීතිය අත්තනෝමතික ලෙස ක්‍රියාත්මක කරමින්, රණවිරු උපහාරයට බාධා කිරීම පිටුපස ඇති සැබෑ දේශපාලන හස්තය කුමක්ද? කෙතරම් බාධා පැමිණියද, මේ පොළොව බේරාගත් වීරයන් වෙනුවෙන් කළ යුතු ගෞරවය දැක්වීමෙන්, අපව වැළැක්වීමට කිසිවෙකුට නොහැකිය!"

රට බේරලා දුන්න නායකයට ජාතික විජයග්‍රාහි සැමරුමට ආරාධනාවක් නැහැ? මහින්ද රාජපක්ෂට මොකද වෙන්නේ

රට බේරලා දුන්න නායකයට ජාතික විජයග්‍රාහි සැමරුමට ආරාධනාවක් නැහැ? මහින්ද රාජපක්ෂට මොකද වෙන්නේ

පාර්ලිමේන්තුව අසල පිහිටා ඇති රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමට පැමිණි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබුණා.

ඒ ආරක්ෂක අංශ නිලධාරීන් විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසට රණවිරු ස්මාරකය අසලට පැමිණ පුෂ්පෝපහාර දැක්වීමට ඉඩ ලබා නොදීමත් සමඟයි.    

සැකකාර හිමිට රට වටින්ම නීතීඥයෝ එද්දි වින්දිත දැරියට නීතීඥ‍යෙක් නැති හේතුව මේකයි - සරෝජා සාවිත්‍රිගෙන් විශේෂ ප්‍රකාශයක්

සැකකාර හිමිට රට වටින්ම නීතීඥයෝ එද්දි වින්දිත දැරියට නීතීඥ‍යෙක් නැති හේතුව මේකයි - සරෝජා සාවිත්‍රිගෙන් විශේෂ ප්‍රකාශයක්