රට බේරලා දුන්න නායකයට ජාතික විජයග්‍රාහි සැමරුමට ආරාධනාවක් නැහැ? මහින්ද රාජපක්ෂට මොකද වෙන්නේ

Report

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම් නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසන්නේ හෙට (19) දින පැවැත්වීමට නියමිත ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මේ වන තෙක් කිසිදු ආරාධනයක් ලැබී නොමැති බවයි.

මනෝජ් ගමගේ මහතා වැඩිදුරටත් පවසා සිටියේ අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා විසින් 5 වන විධායක ජනාධිපතිවරයා වන මහින්ද රාජපක්ෂ මහතාට මෙම සැමරුම සඳහා ආරාධනා කර ඇති බවට ප්‍රකාශ කිරීම අසත්‍ය කරුණක් බවයි.

රණවිරු ස්මාරකය අසළ උණුසුම් තත්ත්වයක් - පුෂ්පෝපහාර දක්වන්න ගිය විමල් පොලීසිය එක්ක හැප්පෙන්න ගිහින් බිම වැටෙයි..අධිකරණ ක්‍රියාමාර්ග

රණවිරු ස්මාරකය අසළ උණුසුම් තත්ත්වයක් - පුෂ්පෝපහාර දක්වන්න ගිය විමල් පොලීසිය එක්ක හැප්පෙන්න ගිහින් බිම වැටෙයි..අධිකරණ ක්‍රියාමාර්ග

ජනතාව නොමඟ යවමින් විජයග්‍රාහී සැමරුමට මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කර ඇතැයි අමාත්‍යවරයා පවසා ඇතැයිද සඳහන් කළ නීතිඥ මනෝජ් ගමගේ මහතා වෙනදාට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් හෝ ආරක්ෂක අමාත්‍යංශයෙන් නිල වශයෙන් විජයග්‍රාහී සැමරුම සඳහා ආරාධනය ලැබෙන බවද පැවසීය.

යුද ජයග්‍රහණයට වසර 17ක් සපිරීම නිමිත්තෙන් “ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය“ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේ පිහිටි රණවිරු ස්මාරකය අබියසදී හෙට (19) පැවැත්වීමට නියමිතව තිබේ.

සුභ ආරංචියක් - මේ අයට වන්දි ලබාදීමට සූදානමක් - අමාත්‍යවරයා නිවේදනය කරයි

සුභ ආරංචියක් - මේ අයට වන්දි ලබාදීමට සූදානමක් - අමාත්‍යවරයා නිවේදනය කරයි