උද්ඝෝෂණය කරාට විමල් ඇතුළු පිරිසට වැඩ වරදී - නඩුව ලබන 18 වැනිදා යළි කැඳවෙයි

Report

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරු පසුගිය 2016 වසරේදී ශ්‍රී ලංකා සංචාරයට විරෝධය පළ කරමින්, කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර කර මහජන පීඩාවක් සිදු කිරීමේ චෝදනාවට අදාළ නඩුව එළඹෙන මාර්තු 18 වැනිදා නැවත කැඳවන මෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (09) දින නියෝග කර ඇත.

ඒ අනුව හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව පවරා ඇති මෙම නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය එදිනට සිදු කිරීමට නියමිත බව සඳහන්.

මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ එම සිද්ධියට අදාළව සාක්ෂි ලබා දීමට තවත් සාක්ෂිකරුවන් දෙදෙනෙකු සිටින බව කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට දැනුම් දීමෙන් පසුවයි.

සිර දඬුවමට එරෙහිව මහින්දානන්ද ඇතුළු විත්තිකරුවන් ඉදිරිපත් කළ අභියාචනා විභාගය ඇරඹෙයි

සිර දඬුවමට එරෙහිව මහින්දානන්ද ඇතුළු විත්තිකරුවන් ඉදිරිපත් කළ අභියාචනා විභාගය ඇරඹෙයි

එහිදී නඩුවේ 6 වන සහ 7 වන සාක්ෂිකරුවන් පෙර නඩු වාරයේදී අධිකරණය හමුවේ සාක්ෂි ලබා දී ඇත.

2016 පෙබරවාරි 6 වැනි දින ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයාගේ පැමිණීමට විරෝධය පළ කරමින් තුම්මුල්ල ප්‍රදේශයේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර වන ආකාරයට උද්ඝෝෂණයක නිරත වීම සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය මඟින් අඳාළ නඩුව පවරා ඇත.

ඒ අනුව අද දින නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් වන විමල් වීරවංශ, වීරකුමාර දිසානායක, ජයන්ත සමරවීර සහ පියසිරි විජේනායක අධිකරණය හමුවේ පෙනී සිට තිබෙනවා.

අද සිට ලංකා විදුලිබල මණ්ඩලය අහෝසියි - විදුලිය සම්බන්ධ ගැටලු‍වකදී කටයුතු කරන්න ඕන විදිහ දැනුම්දෙයි

අද සිට ලංකා විදුලිබල මණ්ඩලය අහෝසියි - විදුලිය සම්බන්ධ ගැටලු‍වකදී කටයුතු කරන්න ඕන විදිහ දැනුම්දෙයි

ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් වෙතින් අද සුබම සුබ පණිවුඩයක් - මාර්තු මාසෙට ගෑස් 17 එනවා

ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් වෙතින් අද සුබම සුබ පණිවුඩයක් - මාර්තු මාසෙට ගෑස් 17 එනවා