සත්සරට සාධාරණයක් ලැබෙයි ද ?

Sri Lanka Police Sri Lanka Police Investigation Death Law and Order Sinhala news
By Hashan May 02, 2025 10:44 AM GMT
Hashan

Hashan

Report

වැලිකඩ පොලිසියේ රඳවා සිටියදි මිය ගිය සත්සර නිමේෂ් නම් තරුණයාගේ මරණයට සම්බන්ධ රස පරීක්ෂණ වාර්තාව තවමත් ලැබී නොමැති බව සිරකරුවගේ අයිතීන් සුරැකීමේ කමිටුවේ සභාපති සුදේශ් නන්දිමාල් මහතා පවසා සිටියා .

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් ඔහු සඳහන් කර සිටියේ රස පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් වීමෙන් අනතුරුව නිසි ආකාරව මරණ පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් ක‍රන බවයි .

"කාමරයෙන් කාමරයට ගෙනිහින්, ඇඳුම් ගලවලා හරිම වදයක් දුන්නා" - සියදිවි නසාගැනීමට පෙර සිදුවුන සියල්ල කැම්පස් කෙල්ලක් කියයි..

"කාමරයෙන් කාමරයට ගෙනිහින්, ඇඳුම් ගලවලා හරිම වදයක් දුන්නා" - සියදිවි නසාගැනීමට පෙර සිදුවුන සියල්ල කැම්පස් කෙල්ලක් කියයි..

අදාළ තරුණයාගේ මරණයට සාධාරණයක් ඉල්ලා පවුලේ සාමාජිකයන්  විසින් කොළඹ ප්‍රධාන මහේත්‍රාත් අධිකරණයට ගොස් තිබු අතර, එහි දී මහේත්‍රාත්වරයා නියෝග කර සිටියේ අදාළ තරුණයාගේ දේහය නැවත ගොඩ ගෙන පුර්ණ මරණ පරීක්ෂණයක් සිදු කරන ලෙසයි . ඒ අනුව බදුල්ල මීගහ කිවුල ප්‍රදේශයේ වල දමා තිබු අදාළ තරුණයාගේ දේහය ඉකුත් 23 වනදා ගොඩ ගැනීමකට ලක් කළා.

අදාළ තරුණයාගේ මව පවසා සිටින්නේ මෙම මරණයට නළුවෙක් වශයෙන් සමාජයේ පෙනී සිටින ප්‍රියන්ත විජේකොන් සම්බන්ධ බවයි .

පාස්පෝට් ගන්න ඉන්න අයට විශේෂ දැනුම්දීමක්!

පාස්පෝට් ගන්න ඉන්න අයට විශේෂ දැනුම්දීමක්!

ReeCha