අත්අඩංගුවට ගත් හිටපු පොලිස්පති දේශබන්දු අද අධිකරණයට
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා 2022 මැයි 9 වන දින ගාලු මුවදොර අරගලකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස නම් කර ඇති අතර, ඊයේ (20) මිරිහානේ ඔහුගේ පෞද්ගලික නිවසේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඒ අනුව, ඔහු අද (21) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
දේශබන්දු තෙන්නකෝන් මහතා තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට අපේක්ෂිත ඇප අයදුම්පතක් ඉදිරිපත් කර තිබුණු නමුත්, එය ඊයේ (20) මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මිය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.