2026 අයවැය ලේඛනය නොවැම්බර් 7 මැතිසබයට

Report

ලබන 2026 වර්ෂය සඳහා අයවැය ලේඛනය ජනාධිපති හා මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා විසින් ලබන නොවැම්බර් මස 7 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසන්නේ, අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමේ නිශ්චිත දිනය පිළිබඳව පසුව නිවේදනය කරන බවයි.

මේ අතර, අමාත්‍යාංශයේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් එම්.එම්.සී.පී. මොහොට්ටිගෙදර මහතා විසින් පාර්ලිමේන්තු මහ ලේකම්වරිය වෙත ලිපියක් යොමු කරමින්, අයවැය ලේඛනය ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කරන ලෙස දැනුම් දී ඇත.

කට්ටි පනින රිෂාඩ් ඇතුළු 04කට විපක්ෂයේ ප්‍රබලයකුගෙන් දොස් : රිෂාඩ් - හකීම් මාලිමාවට යයි දෝ..

කට්ටි පනින රිෂාඩ් ඇතුළු 04කට විපක්ෂයේ ප්‍රබලයකුගෙන් දොස් : රිෂාඩ් - හකීම් මාලිමාවට යයි දෝ..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව ඉදිරිපත් කරන දෙවැනි අයවැය ලේඛනය මෙය වන අතර, එය රටේ ආර්ථික සංවර්ධනය හා ජනතා සුබසිද්ධිය ඉලක්ක කර ගනිමින් සකස් කර ඇති බව විශ්වාස කෙරේ.

මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ගවලට අනුව, මෙවර අයවැය ලේඛනය තුළින් රාජ්‍ය සේවකයන්ට, ගොවි ජනතාවට, ධීවර ප්‍රජාවට, වතු කම්කරුවන්ට, ඇතුළු විවිධ ක්ෂේත්‍රවල ජනතාවට සහන රැසක් ලබාදීමට රජය අපේක්ෂා කරයි. මෙම සහන ආර්ථික අපහසුතා හමුවේ ජනතාවට ලබාදෙන සැලකිය යුතු සහායක් ලෙස සැලකෙන අතර, එය රටේ ආර්ථික ස්ථාවරත්වය ශක්තිමත් කිරීමට ද උපකාරී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

2025 උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ

2025 උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ

මෙම අයවැය ලේඛනයේ විස්තර හා එහි යෝජනා පිළිබඳව ඉදිරි මාසවලදී තවදුරටත් තොරතුරු හෙළිවනු ඇති අතර, එය රටේ ආර්ථික හා සමාජීය ගැටලුවලට විසඳුම් ලබාදීමට බලපානු ඇතැයි බලාපොරොත්තු වේ.

අද මල් 07යි - ඔයත් ට්‍රයි කරලා බලන්න, විවාහ අපේක්ෂකයින්ට වාසනාවන්ත දිනයක්

අද මල් 07යි - ඔයත් ට්‍රයි කරලා බලන්න, විවාහ අපේක්ෂකයින්ට වාසනාවන්ත දිනයක්

කෝටි 2ක කෑම බිලක්? මැතිසබේ ආහාර වියදම් මෙන්න

කෝටි 2ක කෑම බිලක්? මැතිසබේ ආහාර වියදම් මෙන්න