පාස්පෝට් ගන්න ඉන්න අයට විශේෂ දැනුම්දීමක්!
එළඹෙන පළාත් පාලන මැතිවරණය හේතුවෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර ඇත.
මැයි 05, 06 සහ 07 යන දිනවල පළාත් පාලන මැතිවරණ රාජකාරී හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සහ සාමාන්‍ය සේවා සීමා කරන බව එහි සඳහන් වේ.
ඒ අනුව, එක්දින සේවයට අදාළ පැය 24 සේවාව එම දිනවල ක්‍රියාත්මක නොවන බව දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දී ඇත.