නියෝජ්‍ය අමාත්‍ය අරුණගේ විශ්වාසභංගය නීතියට අනුකූලයි - විපක්ෂයේ පක්ෂ නායකයින් කියයි

Report

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව නීතිමය ලෙස සකස් කර ඇති බවත්, එය කිසිදු ගැටලුවකින් තොරව විවාදයට ගත හැකි බවත් විපක්ෂයේ පක්ෂ නායකයෝ අද (20) රැස්වී තීරණය කර ඇත.

මෙම තීරණය ගනු ලැබුවේ අද දහවල් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවති විශේෂ රැස්වීමකදීය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට විපක්ෂයේ පක්ෂ නායකයින් සහ නියෝජිතයින් රැසක් සහභාගි වූහ. රැස්වීමේදී, විශ්වාසභංග යෝජනාව නීති උපදෙස් අනුව සකසා ඇති බවත්, ආණ්ඩුව විසින් එයට එරෙහිව ගෙන යන ප්‍රචාරය අසත්‍ය බවත් පක්ෂ නායකයෝ අවධාරණය කළහ.

මේ පාසල් වලට හෙට විශේෂ නිවාඩු දිනයක්

මේ පාසල් වලට හෙට විශේෂ නිවාඩු දිනයක්

ආණ්ඩුව හිතාමතාම මෙම යෝජනාව විවාදයට ගැනීමෙන් වැළකී සිටින බවටත්, එය පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට පටහැනි බවත් ඔවුන් පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තු නීති සහ ස්ථාවර නියෝග අනුව යෝජනාවට අදාළ සියලුම කොන්දේසි සපුරා ඇති බැවින්, එය මඟහැරීමට ආණ්ඩුවට කිසිදු ඉඩක් නොමැති බවත් සාකච්ඡාවට එක්වූ පක්ෂ නායකයෝ අවධාරණය කළහ.

2025 උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ

2025 උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ

එමෙන්ම, අරුණ ජයසේකර මහතා ජනාධිපතිවරයා විදේශගතව සිටින අවස්ථාවලදී වැඩබලන ආරක්ෂක ඇමතිවරයා ලෙස කටයුතු කර ඇති බැවින්, ඔහු කැබිනට් ඇමතිවරයකුගේ තත්ත්වයට පත්ව ඇති බවත් ඔවුන් සඳහන් කළහ.

එසේම, ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයා ලෙස ඔහු පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් විසින් ආරක්ෂාව සම්බන්ධයෙන් යොමු කරන ප්‍රශ්නවලට පිළිතුරු ලබාදී ඇති බවත්, එමඟින් ඔහු කැබිනට් ඇමතිවරයකුගේ වගකීම් ඉටුකර ඇති බවත් පක්ෂ නායකයෝ පෙන්වා දුන්නේය. මේ අනුව, ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට පාර්ලිමේන්තුවට අයිතියක් ඇති බවත් ඔවුන් සාකච්ඡාවේදී අවධාරණය කළහ.

මෙම යෝජනාව විවාදයට ගැනීම සම්බන්ධයෙන් කථානායකවරයාගෙන් හෙට (21) දිනයේදී ප්‍රතිචාරයක් ලබාගැනීම සඳහා, විපක්ෂයේ පක්ෂ නායකයින් හෙට නැවත රැස්වී සාකක්ඡා කිරීමට තීරණය කර ඇත. මෙම රැස්වීම තුළින් යෝජනාවේ ඉදිරි ගමන්මඟ සම්බන්ධයෙන් තවදුරටත් තීරණ ගැනීමට අපේක්ෂිතය.

පවුල් ලක්ෂ 21 ක අස්වැසුම කපන්න යන්නේ..නිකන් බලු වැඩ කරන්න එපා වැඩි හරියක් ඡන්දේ දුන්නේ තමුන්නාන්සේලට ඩෙගා නටන රෝහිත

පවුල් ලක්ෂ 21 ක අස්වැසුම කපන්න යන්නේ..නිකන් බලු වැඩ කරන්න එපා වැඩි හරියක් ඡන්දේ දුන්නේ තමුන්නාන්සේලට ඩෙගා නටන රෝහිත

තවත් ඇදුම් බෙදන ප්‍රධාන සන්නාමයක් ලංකාව අතහරි ආයේ ඒ නමින් ලංකාවට ඇඳුම් නෑ

තවත් ඇදුම් බෙදන ප්‍රධාන සන්නාමයක් ලංකාව අතහරි ආයේ ඒ නමින් ලංකාවට ඇඳුම් නෑ