ජනපති ට්‍රම්ප් නිල වශයෙන් TikTok පටන් ගනී

Report

අමෙරිකාවේ TikTok හි අනාගතය සහ එහි නීත්‍යානුකූලභාවය පිළිබඳ බරපතල ප්‍රශ්න ඇතිව තිබියදී, ධවල මන්දිරය විසින්  සිය නිල TikTok ගිණුම (@whitehouse) ආරම්භ කර ඇත.

ඒ අනුව 'අමෙරිකාව, අපි නැවත පැමිණියෙමු' යනුවෙන් සිරස්තල යොදමින් තත්පර 27ක වීඩියෝවක් බෙදා හදා ගනිමින් ධවල මන්දිරය සිය පළමු ටික්ටොක් සටහන තබා තිබෙනවා.

මේ ලයිසන්වල ගාණ වැඩි කරන්න තීරණයක්

මේ ලයිසන්වල ගාණ වැඩි කරන්න තීරණයක්

මෙම නිල TikTok ගිණුම ආරම්භ කර පැය කිහිපයක් ඇතුළත අනුගාමිකයන් පන්දහසකට වඩා ආකර්ෂණය කර ගැනීමට සමත්වීම විශේෂත්වයක්.

කෙසේ වෙතත්, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පුද්ගලික TikTok ගිණුමෙහි දැනටමත් මිලියන 110.1ක අතිවිශාල අනුගාමිකයන් සංඛ්‍යාවක් සිටිනවා.

ට්‍රම්ප් සහ TikTok අතර ඇත්තේ ආදරය සහ වෛරය මත පදනම් වූ සංකීර්ණ සබඳතාවක්.

තවත් ඇදුම් බෙදන ප්‍රධාන සන්නාමයක් ලංකාව අතහරි ආයේ ඒ නමින් ලංකාවට ඇඳුම් නෑ

තවත් ඇදුම් බෙදන ප්‍රධාන සන්නාමයක් ලංකාව අතහරි ආයේ ඒ නමින් ලංකාවට ඇඳුම් නෑ

TikTok චීන සමාගමක් වන බයිට්ඩාන්ස් (ByteDance) සතු වීමත්, අමෙරිකානු පුරවැසියන්ගේ දත්ත චීනයට ගලා යා හැකි බවට ඇති බියත් මෙම විරෝධයට හේතු වුණා.

මේ නිසා, TikTok සමාගම අමෙරිකාව තුළ ක්‍රියාත්මක වීමට නම් එය චීන නොවන සමාගමකට විකිණිය යුතු බවට හෝ එසේ නොමැති නම් තහනමකට ලක්විය යුතු බවට ට්‍රම්ප් විසින් නීතියක් ද සම්මත කළා.

කෙසේ වෙතත්, ට්‍රම්ප් සිය 2024 මැතිවරණ ව්‍යාපාරය සඳහා සමාජ මාධ්‍ය මත විශාල වශයෙන් යැපුණු අතර, TikTok තහනම් කිරීමේ ක්‍රියාවලිය ඔහු විසින්ම නතර කළා.

චීන නොවන ගැණුම්කරුවෙකු සොයා ගැනීම සඳහා ලබා දී තිබූ කාලය පසුගිය ජුනි මාසයේදී තවත් දින 90කින් දීර්ඝ කළ අතර, එම කාලසීමාව සැප්තැම්බර් මාසයේදී අවසන් වීමට නියමිතයි.

අද මල් 07යි - ඔයත් ට්‍රයි කරලා බලන්න, විවාහ අපේක්ෂකයින්ට වාසනාවන්ත දිනයක්

අද මල් 07යි - ඔයත් ට්‍රයි කරලා බලන්න, විවාහ අපේක්ෂකයින්ට වාසනාවන්ත දිනයක්