තැපැල් වෘත්තීය සමිති වර්ජනය සිව්වන දිනටත් අඛණ්ඩව

Report

තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ විසින් ඉල්ලීම් 19ක් මුල් කරගනිමින් අගෝස්තු 17 වන දින මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ අඛණ්ඩ වැඩ වර්ජනය අද (721) සිව්වන දිනටත් දිවයින පුරා සියලු තැපැල් හා පාලන කාර්යාලවල ක්‍රියාත්මක වේ.

මෙම වර්ජනය හේතුවෙන් තැපැල් සේවා ලබා ගැනීමට පැමිණි ජනතාව දැඩි අපහසුතාවයට පත්ව ඇති අතර, තැපැල් සේවාවල සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට බාධා එල්ල වී තිබේ.

2025 උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ

2025 උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ

තැපැල් වෘත්තීය සමිති පවසන පරිදි, ඔවුන්ගේ ඉල්ලීම්වලට නිසි ප්‍රතිචාර ලබාදීම සඳහා තැපැල් පරිපාලනය සමඟ සාකච්ඡා කිරීමට ඊයේ (20) දිනයේ දී අවස්ථාවක් ලබාදී නොමැති බැවින්, වර්ජනය අද දිනයේත් අඛණ්ඩව පවත්වාගෙන යන බව ඔවුන් නිවේදනය කර ඇත.

වර්ජනයට හේතු වී ඇති ඉල්ලීම් අතර, අතිකාල ගෙවීම් සංශෝධනය, නව ඇඟිලි සලකුණු පැමිණීමේ රීතිය ඉවත් කිරීම ඇතුළු ගැටලු ප්‍රධාන වේ

මේ ලයිසන්වල ගාණ වැඩි කරන්න තීරණයක්

මේ ලයිසන්වල ගාණ වැඩි කරන්න තීරණයක්

තැපැල්පති එස්.ආර්.ඩබ්.එම්.ආර්.පී.සත්කුමාර මහතා පවසා ඇත්තේ, 2025 අප්‍රේල් 1 වන දින සිට අතිකාල ගෙවීම් ක්‍රියාත්මක වන අතර, වැටුප් වැඩිවීමක් සහිතව මෙම ක්‍රමවේදය සේවකයින්ට අවාසිදායක නොවන බවයි. එසේ වුවත්, වෘත්තීය සමිති මෙම ක්‍රියාමාර්ගය අසාධාරණ ලෙස සලකමින් වර්ජනය දිගටම පවත්වාගෙන යාමට තීරණය කර ඇත.

මෙම තත්ත්වය රටේ තැපැල් සේවාවල ක්‍රියාකාරිත්වයට සහ ආර්ථිකයට බලපෑම් එල්ල කරන බවත්, ජනතාවට සේවා සැපයීමේදී ඇතිවන බාධාවන් සම්බන්ධයෙන් වෘත්තීය සමිතිවල ක්‍රියාකාරිත්වය පිළිබඳව තැපැල්පතිවරයා කණගාටුව පළ කර ඇත. 

බාගෙට ඇදන් ලයිව් ආපු පුද්ගලයා ගැන ඇසෙන අමුතු කතාව මෙන්න

බාගෙට ඇදන් ලයිව් ආපු පුද්ගලයා ගැන ඇසෙන අමුතු කතාව මෙන්න

අද මල් 07යි - ඔයත් ට්‍රයි කරලා බලන්න, විවාහ අපේක්ෂකයින්ට වාසනාවන්ත දිනයක්

අද මල් 07යි - ඔයත් ට්‍රයි කරලා බලන්න, විවාහ අපේක්ෂකයින්ට වාසනාවන්ත දිනයක්