වීරවිල රජයේ වී ගබඩාවට වන අලි ප්‍රහාරයක්
වී අලෙවි මණ්ඩලයට අයත් වීරවිල වී ගබඩාවට අද (22) අලුයම වන අලියෙකු කඩා වැදී පහර දීම හේතුවෙන් එහි දේපළවලට සහ වී තොගවලට හානි සිදුව තිබේ.
වී අලෙවි මණ්ඩලයේ දකුණු කලාපය භාර ප්‍රාදේශීය කළමනාකරු ඉන්දික උපේන්ද්‍ර මහතා සඳහන් කර ඇත්තේ එම ගබඩාවේ කමත පිහිටි දෙසින් පැමිණි වන අලියා එහි එක් පසෙක තිබූ යකඩ දොරක් කඩා දමා ඇතුළට පිවිස ඇති බවයි.
තවද එහිදී පසුගිය යල් කන්නයේ මිලදී ගෙන ගබඩා කර තිබූ වී තොගයෙන් වී මලු කිහිපයක් එම වන අලියා විසින් ආහාරයට ගෙන තිබෙන බව වාර්තා වේ.
එම කළමනාකාරවරයා තව දුරටත් සදහන් කරන්නේ වී තොගයට සිදු වූ හානියට වඩා, ගබඩාවේ යකඩ දොර ඇතුළු දේපළවලට සිදු වූ හානිය බරපතල බවයි.