මහ විනාසයක් - වනඅලියෙකු පහරදීමෙන් පුද්ගලයෙක් මරුට

Report

මංගලගම, කොහොඹගස්තලාව ප්‍රදේශයේදී වනඅලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බව මංගලගම පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 73ක් වූ කොහොඹගස්තලාව, මංගලගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

හදිසියේම ප්‍රබල බෝම්බ ප්‍රහාරයක් - කොලොම්බියාවේ 14ක් මරුට

හදිසියේම ප්‍රබල බෝම්බ ප්‍රහාරයක් - කොලොම්බියාවේ 14ක් මරුට

අදාළ පුද්ගලයා නිවස අසලට පැමිණි වනඅලියෙකු පලවා හැරීමට යාමේදී මෙසේ වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බව මූලික විමර්ශනවල දී අනාවරණය වී තිබේ.

මංගලගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.