මැඩම් රෑට රෑට යාළුවොත් එක්ක බීලා මේ මනුස්සයා මට කරදර කරනවා, ජනාධිපති නීතිඥ සැමියට විරුද්ධව බිරිඳගෙන් පැමිණිල්ලක්
ජනාධිපති නීතිඥවරයකු වන තම සැමියා තමාට පහරදීම් ඇතුළු විවිධ හිංසන කරන බව පවසමින් කොල්ලුපිටියේ පදිංචි දෙදරු මවක් විසින් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය වෙතට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ජනාධිපති නීතිඥයකු වන තම සැමියාට විරුද්ධව මේ ආකාරයට පැමිණිල්ලක් යොමු කිරීමට හේතු වූයේ තමන්ට දිගින් දිගටම කරන පීඩාවන් නිසා බව එම කාන්තාව ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය වෙත පවසා ඇති බව සඳහන්.
ඒ අනුව කොල්ලුපිටියේ පදිංචිකාරියක් වන ඇය පැමිණිල්ල මගින් පවසා ඇත්තේ තම සැමියා වන ජනාධිපති නීතිඥවරයා හා විවාහ වී දැනට වසර 22 ක් පමණ බවත්, තමාට වයස අවුරුදු 18 ක සහ 21 ක දියණියන් දෙදෙනකු සිටින බවත්, ඔවුන් එංගලන්තයේ සහ කැනඩාවේ ජීවත්වන බවත් ය.
එමෙන්ම පහුගිය 2023 වසරේ දෙසැම්බර් මාසයේදී පමණ සිට සැමියා නිවසේ ඉහළ මාලයේද, තමා නිවසේ පහළ මාලයේද ජීවත්වන බවත්, සැමියාගේ පහරදීම් නිසා වෛද්‍ය ප්‍රතිකාර ගත් බවත්, රාත්‍රි කාලයේදී තම සැමියා මිතුරන් සමග ප්‍රිය සම්භාෂණ පවත්වා තමාට හිරිහැර කරන බවත් ඇය වැඩිදුරටත් අඳාළ පැමිණිල්ලේ සඳහන් කර ඇත.