රොෂාන් මහානාම බදාදා ට රෝස පාට අඳින්නේ ඇයි ?හේතුව හිතා ගන්නත් බැරි වෙයි..(VIDEO)

cancer cricketer Roshan Mahanama pink colure Wednesday
By Sewvandhi Oct 15, 2021 09:18 AM GMT
Sewvandhi

Sewvandhi

Report

රොෂාන් මහානාම යනු ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේම ආදරය සහ ගෞරවය අදටත් දිනා සිටින චරිතයකි. ඔහු සෑම බදාදා දිනකම රෝස පැහැති ෂර්ට් එකක් ඇඳිමට හේතුව වැඩසටහනකදී පැහැදිලි කළේය.

"අපිට වගකීමත් තියෙනවා. ඉදිරියට ඇවිත් මේ ගැන කතා කරන්න. මටත් දියණියන් තිදෙනෙක් ඉන්නවා. තවත් මිනිපිරියක් ඉන්නවා. මම ආරාධනා කරනවා හැම බදාදා දිනයකම රෝස පැහැය ඇඳලා මේ දැනුවත් කිරීම ඉදිරියට ගෙනියන්න කියලා. පියයුරු පිළිකා මුල් අවධියේදී හඳුනා ගත්තොත් ඔවුන්ට මීට වඩා උදව්වක් කරන්න පුළුවන් වෙනවා. මං මැදිහත් වුණේ මගේ මට්ටමින් යම් දෙයක් කරන්න බලාපොරොත්තුවෙන්."

"මම මගේ පාඩුවේ පැත්තකට වෙලා මගේ මට්ටමින් මගේ ප්‍රේක්ෂකයන්ට යම් දෙයක් කරන්නේ කොහොමද කියලා කල්පනා කරමින් හිටියේ. විශේෂයෙන් අවුරුදු කිහිපයකට පස්සේ තමයි මං මේ වගේ රූපවාහිනී වැඩසටහනකට වුණත් සහභාගී වෙන්නේ." "පියයුරු පිළිකා දැනුවත් කිරීමේ පදනම අපි ආරම්භ කරනකොට අපිට මුලින්ම අනුග්‍රහය දුන්නේ පිරිමි ඇඳුම් ආයතන දෙකක්. අපේ මනුෂ්‍ය සංහතිය ඉදිරියට ගෙනියන්නේ ස්ත්‍රී පාර්ශ්වය. මං දැනට අවුරුදු 5කට 6කට පෙර ඉඳන් බදාදා දිනවල රෝස පැහැති ෂර්ට් අඳින්නේ. එතකොට ටී ෂර්ට් දෙකක් තමයි තිබුණේ."

"ඒ කරගෙන ගිය දේ ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසේ එක දවසක මගේ සමාජ මාධ්‍යවල දැම්මා. මගේ සමාජ මාධ්‍ය හසුරුවන්ගේ මගේ බාල දියණිය. ඒ පෝස්ට් එක ඉන්දිරා පිළිකා භාරය දැනගෙන මට කතා කළා. ඒ අනුව තමයි මේ ගමන ආරම්භ වුණේ."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now