ජනපති හදිසියේ නුවර ගියේ ඇයි??

Kandy Anura Kumara Dissanayaka President of Sri lanka Sinhala news Temple of tooth
By Hashini Apr 25, 2025 04:33 AM GMT
Hashini

Hashini

Report

 සිරි දළදා වන්දනාවට සහභාගීවීමට පෝලිම්වල රැඳීසිටින ජනතාව හමුවීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (24) හදිසියේ එම ප්‍රදේශයේ සංචාරයක නිරතවුණා.

සිරි දළදා වන්දනාවට එක්වීම වෙනුවෙන් ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසක් මේ වනවිටත් දිගු පෝලිම්වල රැඳී සිටිනවා.

එම ජනතාවගේ අවශ්‍යතා විමසා බැලීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ රාත්‍රියේ මෙලෙස ස්ථාන කිහිපයක සංචාරය කර තිබෙනවා.

හැමදේම රජයට කරන්න බෑ....අපිත් වගකීමක් ගන්න ඕනි....අගමැතිනිය කියයි

හැමදේම රජයට කරන්න බෑ....අපිත් වගකීමක් ගන්න ඕනි....අගමැතිනිය කියයි

මේ අතර ඊයේ රාත්‍රියෙත් පෝලීම්වල රැඳී සිටින ජනතාව වෙනුවෙන් දන්සල් ක්‍රියාත්මක කෙරුණා.

සිරි දළදා වන්දනාව අද (25) 8වන දිනටත් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

අද සිරි දළදා වන්දනාව පෙරවරු 11 සිට ආරම්භ කිරීමට නියමිතය.

බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ වනවිටත් මහනුවර ප්‍රදේශයට ලක්ෂ 4ක සැදැහැවතුන් පිරිසක් පැමිණ ඇති බැවින් අද දිනයේත් ජනතාවට දළදා වන්දනාවට මහනුවරට නොපැමිණෙන ලෙසය. 

දේශබන්දු අද අධිකරණයට

දේශබන්දු අද අධිකරණයට

ReeCha