දේශබන්දු අද අධිකරණයට

By Hashini Apr 25, 2025 03:52 AM GMT
Report

 වැඩ තහනමට ලක්ව සිටින දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු දෙදෙනෙකු අද මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු වනවා.

ඒ ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස පසුගියදා නිකුත් කල නොතිසියකට අනුවයි.

2023 වසරේ වැලිගම හෝටලයක් අසල සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන් රක්ෂිත බන්ධන්නාගර ගත කර සිටියා.

පසුගිය 10 වනදා ඔහුව ඇප ලැබුණු අතර අධිකරණ නියෝග කඩ කරමින් මෝටර් රථයක් අධිකරණ භූමියට ගෙන්වා පිටව යාම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.

ඒ අනුව අද දිනයේ අධිකරණයේ පෙනී සිටින ලෙස නොතිසි නිකුත් කරනු ලැබුවේ ඔහුට සහ මෝටර් රථයේ හිමිකරුටයි.

ලේසියෙන් දළදා වදින්න සිවුරක් පොරවන් ආ සිසුවා

ලේසියෙන් දළදා වදින්න සිවුරක් පොරවන් ආ සිසුවා

මේ අතර දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමට අදාළ කරුණු සොයා බැලීමට පත් කල ත්‍රිපුද්ගල විමර්ශන කමිටුව අද යලි රැස්වෙනවා.

එහි සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සුරසේනගේ ප්‍රධානත්වයෙන්.

කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ විනිසුරු නීල් ඉද්දවෙල සහ පොලිස් කොමිසමේ සභාපති ලලිත් ඒකනායකයි.

පළමු වරට එම විමර්ශන කමිටුව පාර්ලිමේන්තුවේදී පෙරේදා රැස් වී මුලික සාකච්ඡා සිදු කරනු ලැබුවා.

පරීක්ෂණ කමිටුවක් පත් කළ යුතු බවට වූ යෝජනාව පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මත වුනේ ඡන්ද 151කින්.  

හැමදේම රජයට කරන්න බෑ....අපිත් වගකීමක් ගන්න ඕනි....අගමැතිනිය කියයි

හැමදේම රජයට කරන්න බෑ....අපිත් වගකීමක් ගන්න ඕනි....අගමැතිනිය කියයි