රනිල් හදිසියේ රුසියා ගියේ ඇයි?

Ranil Wickremesinghe Russia Latest Headlines Sinhala news
By Hashini Jun 12, 2025 06:48 AM GMT
Hashini

Hashini

Report

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා අද (12) අලුයම රුසියාව බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වනවා.

මෙම සංචාරයේදී හිටපු ජනාධිපතිවරයා යුරෝපයේ රටවල් කිහිපයකටද යාමට නියමිතයි.

මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා දෙසුම් කිහිපයකටද සහභාගී වීමට නියමිතව ඇති අතර ලබන 22 වැනිදා නැවත දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වෙයි

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වෙයි

මේ අතර ඊයේ පස්වරුවේ රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.

ඒ ප්‍රකාශයක් ලබා දීම සඳහායි.

මෙම ප්‍රකාශය ලබා ගෙන ඇත්තේ, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව එල්ල වී ඇති, ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය කිරීම සම්බන්ධ චෝදනාවලට අදාළව, කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ය.

පුරපති සටන තීරණාත්මක වෙයි

පුරපති සටන තීරණාත්මක වෙයි

හිටපු ජනාධිපතිවරයා එවකට කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ බැවින්, ඔහුගේ ප්‍රකාශය මෙම විමර්ශනයට අදාළව වැදගත් වනවා.

වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හමුවේ පැයකට ආසන්න කාලයක් තිස්සේ මෙම ප්‍රකාශය ලබා දී ඇති අතර, එහිදී චෝදනාවට අදාළ තීරණ ගැනීමේ ක්‍රියාවලිය, කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා, සහ ඒ සම්බන්ධයෙන් ඔහුගේ දැනුවත්භාවය පිළිබඳව ප්‍රශ්න කර ඇති බව වාර්තා වනවා. 

ලයිසන් එකටත් කෙළ වෙයි...අවලංගු වෙන රියදුරු බලපත්‍ර මෙන්න

ලයිසන් එකටත් කෙළ වෙයි...අවලංගු වෙන රියදුරු බලපත්‍ර මෙන්න

ReeCha